Local

ජනපතිගේ මුල්ම පත්කිරීම් විශ්වාසය බිඳින සුළුයි..

Thursday, 26 September 2024 - 8:27 pm

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පළමුවන පත්වීම විශ්වාසය බිඳින සුළු එකක් බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද (26) පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පිවිතුරු හෙළ උරුමය නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

අනුර කුමාර දිසානායක මැතිතුමාට ජනාධිපති තනතුරේ කටයුතු සාර්ථකව ඉටු කිරීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමින් මම එතුමාට සුබ පතනවා. කිසිවෙක් මේ ආණ්ඩුවට සහය නොදුන් පමනින් මේ ආණ්ඩුව කඩා වැටිය යුතුයි කියලා හිතන්න නරකයි. ගෝඨාභය ආණ්ඩුව කඩා වැටෙද්දී කඩා වැඩුනේ ආණ්ඩුව විතරක් නෙවෙයි. රටත් කඩා වැටුනා. රට අපේ. ඒ නිසා මේ අභියෝගාත්මක මොහොතේ ජනතාව විසින් තෝරාගත් ජනපතිට එම අභියෝග ජයගත හැකිවේවායි ප්‍රාර්ථනා කිරීම රටට ආදරය කරන පුරවැසියන්ගේ යුතුකමක්. සුබ වේවා යැයි ප්‍රාර්ථනා කළ පමණින් සුබ වෙන්නේ නෑ. සුබ වෙන ආකාරයට කටයුතු කිරීමේ වගකීම තිබෙන්නේ එතුමාට. එතුමා ජාතිය අමතා කියා සිටියේ තමන් ගැන විශ්වාස නොකරන අයගේ විශ්වාසය දිනා ගත හැකි ආකාරයෙන් එතුමා කටයුතු කරනවා කියලා. නමුත් එතුමා මුල් දවසේ කළ පත්වීම් තුනෙන් දෙකක්ම ඒ විශ්වාසය බිඳෙන සුළුයි.

ජනාධිපති ලේකම් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා. ලක්ෂ 15ක් පමණ වෙන රාජ්‍ය සේවකයින්ගේ ප්‍රධානියා. ඒ තනතුරට පත් කරන්නේ සමස්ත රාජ්‍ය සේවයේම ගෞරවය දිනා ගත හැකි නිලධාරියෙක්. එහෙම නොවුණොත් සමස්ත රාජ්‍ය සේවයම කඩා වැටිලා ආණ්ඩුව පිරිහෙනවා. ඒ නිසා පසුගිය ජනාධිපතිවරු තමන්ගේ ලේකම් හැටියට පත් කලේ කේ එච් ජේ විජේදාස, ලලිත් වීරතුංග, ඔස්ටින් ප්‍රනාන්දු වගේ කීර්තිමත් පරිපාලන නිලධාරින්. එහෙම නැතිනම් රාජ්‍ය සේවයෙන් බාහිරව සිටින කීර්තිමත් පුද්ගලයෙක්. නමුත් වත්මන් ජනාධිපතිතුමා මේ වැදගත් තනතුරට පත් කරන්නේ තමන්ගේ සරසවි සගයෙකු වුණු කණිෂ්ඨ නිලධාරියෙක්. එතකොට ජනාධිපතිතුමාට රාජ්‍ය යාන්ත්‍රණය ගැන උපදෙස් දෙන්න ලේකම්ට හැකියාවක් නෑ. විශේෂයෙන්ම ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානින් වැනි ජ්‍යෙෂ්ඨ නිලධාරින් තමන්ගේ නායකයා විධියට මේ කණිෂ්ඨ නිලධාරියා පිලි ගන්නේ නැති වීමෙන් ගැටළු එනවා. මේක හරියට තමන්ගේ හිතමිත්‍ර එස්අයි කෙනෙක් පොලිසියේ පොලිස්පති විධියට පත් කළා වගේ වැඩක්.

ඒ වගේම මහජන ආරක්ෂක අමාත්‍යාංශය ලේකම් ධූරය දුන්නේ දැනට පොලිස් විමර්ශනයකින් තමන්ව අත්අඩංගුවට ගන්න යනවා කියා අධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළ අයෙක්. ඔහුව අමාත්‍යාංශ ලේකම් තනතුරට පත් කළ යුතු නම් පොලිස් විමර්ශනය අවසන් වෙලා ඔහුට නඩු පැවරිය නොහැකි බවට නීතිපති නිගමනය කරන තුරු ඉවසිය යුතුව තිබුණා. අපි මේවා අත්දැකීමෙන් දැක්කා.

ගෝඨාභය ජනාධිපතිතුමා තමන්ගේ ලේකම් ධූරය පිරිනැමුවේ ලලිත් වීරතුංග මහත්තයාට. නමුත් වීරතුංග මහත්තයා කිව්වා මට විරුද්ධව උසාවියේ නඩුවක් විභාග වෙනවා. ජනාධිපති ලේකම් තමයි ජනාධිපති වෙනුවෙන් විනිශ්චයකාරවරුන් සමග ගනුදෙනු කරන්නේ. ඒ නිසා මට ඒ තනතුර භාර ගන්න බෑ කියලා. ඒ වගේම මාස කිහිපයකට උඩ දී බීමතින් රිය ධාවනය කරලා අනතුරක් කරගෙන රක්ෂිත බන්ධනාගාර ගත වුණු කෙනෙකුට පොලිසිය භාර දුන්නාම නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට දුන්නු මැතිවරණ පොරොන්දුවට මොකද වෙන්නේ කියලා අපට අහන්න වෙනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT