යුද හමුදා සේවා වනිතා ඒකකයේ මැදිහත් වීමෙන් වවුනියාවේ දුෂ්කර ගම්මානයක පිහිටි මහමයිලන්කුලම විද්‍යාලයේ සිසු දරුවන්ට 2024 වර්ෂය සඳහා අවශ්‍ය අභ්‍යාස පොත්පත්, සපත්තු, බෑග් ඇතුළු පාසල් උපකරණ ලබා දීමේ උත්සවයක් යුද හමුදාව සංවිධන කොට තිබුණි.
යුද හමුදා සේවා වනිතා ඒකකය ඉන්ඩස්ට්‍රියල් සේෆ්ටි ඉක්වික්මන්ට් පුද්ගලික සමාගමේ ද අනුග්‍රහයෙන් මහමයිලන්කුලම විදුහලේ සියලු දරු දැරියන් වෙත පාසල් උපකරණ සියල්ල ලබා දී, දරුවන්ට සහ මවුපියන්ට ප්‍රණීත දිවා ආහාර වේලක් පිරිනැමීමේ වැඩසටහනක් ද තිබුණි. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ උපදෙස් පරිදි එම ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන සිදු කළ අතර, මෙම අවස්ථාවට වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දිනේෂ් නානායක්කාර සහ සේවාවනිතා සම්බන්ධීකරණ බ්‍රිගේඩියර් නලීන්ද්‍ර මහවිතාන මහතා ඇතුළු හමුදා සාමාජිකයෝ පිරිසක් ද සහභාගි වූහ.