Local

රෝග හදුනා ගැනීම සහ ප්‍රතිකාර සේවා ලබාදීම සඳහා “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායනය

Sunday, 11 February 2024 - 9:32 am

රෝග හදුනා ගැනීම, ප්‍රතිකාර සේවා ලබාදීම, ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සදහා ප්‍රධාන රෝහල් වල සායන වලට යොමු කිරිම “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායනය තුලින් සිදු කරන ප්‍රධානතම සේවාවක් බව සෞඛ්‍ය

අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි..

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙරට ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම ප්‍රධාන අරමුණ කර ගනිමින් දිවයින පුරා පවත්වනු ලබන “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් (10) පෙරවරුවේ ගාල්ල, ඉමදූව දොරපෙ ශ්‍රී පරමානන්ද විහාරස්ථානයේදී ආරම්භ කෙරිණි .

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද මෙම ජංගම සෞඛ්‍ය සායනය 2024 වර්ෂයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පවත්වනු ලබන තෙවන ජංගම සෞඛ්‍ය සායනය වන අතර ගාල්ල දිස්ත්‍රික්කය තුල පවත්වන දෙවන ජංගම සෞඛ්‍ය සායනය මෙය වේ .

අද දිනය පුරා පවත්වනු ලබන මෙම ජංගම සෞඛ්‍ය සායනය මගින්, දන්ත සායනය, ජංගම රසායානාගාර සේවා, අක්ෂි සායනය, රුධිරයේ සීනි මට්ටම පරික්ෂාව, රුධිරයේ මේද මට්ටම පරීක්ෂාව, ශරීර ස්කන්ධ දේහ දර්ශකය මැනීම, රුධිර පිඩනය මැනීම, සුවනාරි සායනය, ආයුර්වේද සායනය, වකුගඩු සායනය, බෝ නොවන රෝග පිළිබද සායනය , සර්වාංග සායනය සහ චීන කටු චිකිත්සාව ඇතුලු බොහෝ සේවාවන් සපයනු ඇත.

කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙන්ම ඉමදූව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ සියයකට අධික කාර්ය මණ්ඩලයකගේ සහභාගීත්වයකින් පැවැත්වෙන මෙම සායනයෙන් ප්‍රථිකාර සේවාවන් ලබාගැනිම සදහා පිලාන, කහද , පොල්හේන, කබරගල ,හටන්ගල වැල්කොන්ද, පුවක්වත්ත, ගොඩගේවත්ත, අමුකොටුව, දොරපෙගොඩ, අමුකොටුන්ද, රංගොඩ, දඩුවන වැනි ගම්මාන වල විශාල ජනතාවක් සහභාගී වී සිටි අතර අද දිනය තුළ දහසකට අධික ජනතාවක් සේවා ලබාගැනීමට පැමිණෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය අපේක්ෂා කරයි .

 
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT