Local

නාමල්ගේ ඉලක්කය

Tuesday, 17 September 2024 - 10:26 am

තමන්ගේ ඉලක්කය ඉදිරි අවුරුදු 5ක කාලය තුළ දකුණු ආසියාවේ බැංකුකරණය සහ මූළ්‍යකරණයේ කේන්ද්‍රස්ථානය බවට ලංකාව පත් කිරීමට බව නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

'කොළඹ වරාය නගරය බොහෝ අය හිතුවේ ගොඩනැගිලි අහදන්න කියලා නෑ... ඒක ගනුදෙනු වලට කේන්ද්‍රකරගත් මධ්‍යස්ථානයක්. අපිට වුවමනාව තියන්නේ මොකක්ද ලෝකේ සමාගම් තමන්ගේ බැංකුකරණයට, ගනුදෙනුකරණයට පොර්ට් සිටි එක පාවිච්චි කරන්න.

තාක්ෂණ ගම්මාන 5 සූරියවැව, යාපනය එක්ක ඒ මධ්‍යස්ථාන 7ත් පොර්ට් සිටි එකට සම්බන්ධ කළහම පොර්ට් සිටි එකේ ප්‍රතිලාභ බස්නාහිර පළාතට කොළඹට, ගම්පහට, මිනුවන්ගොඩට වගේම ගාල්ලට, සූරියවැවට, දඹුල්ලට, කුරුණෑගලට, යාපනයට, නුවරට, නුවරඑළියේ දරුවන්ටත් ලැබෙන්න අපි හදලා දෙනවා.

අපේ ඉලක්කය මොකක්ද? අපේ ඉලක්කය තමයි දකුණු ආසියාවේ බැංකුකරණයේ සහ මූළ්‍යකරණයේ කේන්ද්‍රස්ථානය විදිහට ඊළඟ අවුරුදු 5 ඇතුළත කොළඹ වරාය නගරය පරිවර්ථනය කරනවායි කියන එක.

තවත් පැත්තකින් අපේ ආර්ථිකයට වාසි ලබා දෙන්න පුළුවන් ප්‍රතිපත්ති තීන්දු මත ලෝකේ ඉහළ පෙලේ ආයෝජකයෝ අපේ රටට ගෙනල්ලා මේ රටේ දරුවන්ගේ රැකියා ප්‍රශ්නයට වගේම අපේ ආර්ථිකය ඩොලර් බිලියන 180 ඉක්මවූ ආර්ථිකයක් දක්වා පරිවර්ථනය කිරීමේ වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා'


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT