Local

සිවිල් පුද්ගලයන්ට ගිනි අවි දෙන්න නව වැඩපිළිවෙලක්..- ආරක්‍ෂක අමාත්‍යංශය

Wednesday, 04 December 2024 - 8:26 pm

ජීවිත ආරක්‍ෂාව සඳහා ලබාදී ඇති ගිනිඅවි උපරිමය එකකට යටත්ව නිකුත් කිරීමට තීරණය කර බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ගිනිඅවි සම්බන්ධයෙන් සිදු කෙරෙන සමීක්ෂණවලින් අනතුරුව එය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ගිනිඅවි එකකට වඩා යම් අයෙකු ඉල්ලුම් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක විශ්ලේෂණයක් සිදුකිරීමට නියමිතයි.

එම විශ්ලේෂණයෙන් අනාවරණය වන කරුණු මත තවදුරටත් ගිනිඅවි නිකුත් කරනවාද නැද්ද යන්න තීරණය කෙරෙ.

එම විශ්ලේෂණ කටයුතු බුද්ධි අංශ මගින් සිදු කෙරේ.

ගිනිඅවි හිමිකරුවන් සම්බන්ධයෙන් සිදු කරන ආරක්ෂණ විශ්ලේශණයේදී ජීවිත තර්ජනයක් නොමැති නම් ඔහු සතු ගිනිඅවි යළි පවරා ගැනීමට ද පියවර ගන්නා බව එම අමාත්‍යාංශය පවසයි.

සිවිල් පුද්ගලයින්ට නිකුත් කර ඇති ගිනිඅවි සම්බන්ධ සමීක්ෂණය මේ දිනවල ක්‍රියාත්මක වෙයි.
ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී එය සිදුකෙරේ.

සිවිල් පුද්ගලයින් වෙනුවෙන් ගිනිඅවි 1550ක් නිකුත් කර ඇතිබව ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT