වෙළඳපොළ තුළ කැරට් සහ බෝංචි මිල රුපියල් දහස ඉක්මවා ගොස් ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණ පවසනවා.
ඒ අනුව එහි සභාපති අසේල සම්පත් සඳහන් කළේ, අද දිනයේ කැරට් කිලෝවක මිල 1800 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර බෝංචි කිලෝවක්ද රුපියල් 1200 ක මුදලකට අලෙවි වන බවයි.
මෙලෙස එළවළු මිල ඉහළ යාම හේතුවෙන් වෙළඳුන් සහ පාරිභෝගිකයින්ද දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.