Local

සැමට සමානව සලකන නායකයෙක් රටට අවශ්‍ය බව සජිත් කියයි

Monday, 16 September 2024 - 11:57 pm

ජාති, ආගම් භේදයකින් තොරව සැමට සමානව සලකන නායකයෙක් රටට පත්කරගැනීම ජනතාවගේ වගකීම බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ කාත්තන්කුඩි ප්‍රදේශයේ ඊයේ (15) පැවති ජනරැලියකට එක්වෙමිනි.

'මැලේසියාවේ සිදුකරන ඒ සංචාරක කර්මාන්තය ක්ෂේත්‍රය උපුටා ගනිමින් අපිට පුළුවන් මේ බලප්‍රදේශය කේන්ද්‍ර කරගෙන ඒ සංචාරක කර්මාන්තය ප්‍රගුණ කරන්න. කාන්තාන්කුඩි බලප්‍රදේශයෙත් ඉඩම් නොමැති, ගෙවල් නොමැති පවුල්වලට නිවාස යෝජනා ක්‍රම බිහි කරන්නට අපි සැදීපැහැදි සිටිනවා. ඒ වගේම මඩකලපුව දිස්ත්‍රික්කයේ තිබෙනවා පාසල් 361ක්. ඒ පාසල් 361ම ස්මාර්ට් ස්කූල්ස් බවට පත් කරනවා. දිස්ත්‍රික්කයේ සියලුම රෝහල් ස්මාර්ට් රෝහල් බවට පත් කරනවා.' 

'ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ භූමදාන ආදාහන ප්‍රශ්නය ආවා. ප්‍රශ්නය ඉදිරියේ රනිල් වික්‍රමසිංහත්, අනුර කුමාර දිසානායකත් පැනලා දිව්වා. එගොල්ලෝ බය වුණා මුස්ලිම් ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. ඒ වැරදි ක්‍රියාව කරනකොට මහ පාරට බැහැලා ලොකුම විරෝධතාවය මහ පාරෙත් පාර්ලිමේන්තුව තුළත් නැගුවේ සජිත් ප්‍රේමදාසයි සමගි ජන බලවේගයයි, සමගි ජන සන්ධානය කියන එක මම ඔබ සෑමදෙනාටම මතක් කරන්නට කැමතියි. ඒ නිසා විශේෂයෙන්ම මේ කාන්තාන්කුඩි බලප්‍රදේශයේ ජනතාවටත් රටේම ඉස්ලාමීය මුස්ලිම් ප්‍රජාවටත් මම කියන්නට කැමතියි රටේ නායකයා බවට වෙන්න ඕනේ. ඔබගේ ජන ජීවිතයට ඔබගේ සංස්කෘතියට ඔබගේ ආගම කුමක් වුවත් ඔබගේ ජාතිය කුමක් වුවත් මේ රටේ ශ්‍රී ලාංකිකත්වය රැකදෙන්න පුළුවන් එකම නායකත්වය මොකක්ද කියන එක ගැන මම හිතන්නේ ඔබම තීන්දුවකට එන එක ඉතාමත්ම වැදගත්.'

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් ජනරැලියක් ඊයේ (15) කල්කුඩා ප්‍රදේශයේදී පැවැත්විය.

එහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා,

'මඩකළපු දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයකටම වෙනමම නිෂ්පාදන කර්මාන්ත ශාලා බිහිකරනවා. අලි මිනිස් ගැටුම තුළ අසහනයට පත්වෙන ජනතාවට විසඳුම් ලබාදෙනවා. වාලච්චේන ධීවර වරාය අපි පුළුල් කරනවා. ඔට්ටමාවඩි සංස්කෘතික මධ්‍යස්ථානයේ වැඩ කටයුතු අපි සම්පූර්ණ කරනවා.'

 
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT