Local

චීන විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

Tuesday, 03 September 2024 - 11:11 am

චීන විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා

ඒ විදේශ කටයුතු අමාත්‍යංශය හරහා සිදුකළ ඉල්ලීමක් පරිදි චීන ජනරජය විසින් චීන පොලිසියට අනුබද්ධ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් 10 දෙනෙකු යොමු කර ඇත්තේ

පසුගිය කාලය තුල පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශණ අංශය, ගාල්ල පොලිස් ස්ථානය මෙන්ම දිවයිනේ පොලිස් ස්ථාන කිහිපයක් චීන ජාතිකයින් 73 ක් ඇතුළුව විදේශ ජාතිකයින් සියයකට අධික සංඛ්‍යාවක් මෙරට ලැඟුම්හල් තුළ දී ලද යම් තොරතුරු මත සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණේ විශාල පරිගණක ප්‍රමාණයක් සහ ජංගම දුරකථන ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටියදීයි.

ඒ අනුව ඔවුන් සංවිධානය වී අන්තර්ජාලය හරහා මාර්ගගත ක්‍රමය (online) ඔස්සේ යම් කූඨ ක්‍රමඋපායන් භාවිත කරමින් මුදල් වංචාකිරීමේ ව්‍යාපාරයක්, පරිගණක අපරාධ සිදුකරමින් සිටියාද යන්න අනාවරණය කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂඥ නිලධාරීන් අදාළ පරිගණක සහ ජංගම දුරකථන පරිශීලනය කිරීමට උත්සහ කළ ද සියලු මෘදුකාංග, මෙහෙයුම් පද්ධති ඔවුනටම ආවේනික ආකාරයකින්, චීන භාෂාවෙන් චීන සංකේත සහිත වූ බැවින් එය සිදුකිරීම ගැටලු සහගත වී තිබූ බව සඳහන්

මෙම ගැටළුව නිරාකරණය කිරීම සඳහා අද දින සිට එම නිලධාරීන් නේවාසිකව මෙම විමර්ශන සඳහා ප්‍රබල බාධාවක් වූ භාෂා ගැටලුව නිරාකරණය කරමින් විමර්ශන අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය වෙත අවශ්‍ය සහය ලබා දෙනු ඇතී

ඊට අදාළව සිදු කෙරෙන කටයුතු සම්බන්ධයෙන් මෙම පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා සහ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙනිය මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී සාකච්ඡා සිදු කර තිබෙනවා


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT