Local

බෙලිඅත්ත ඝාතනයට ආධාර අනුබල දුන් තවත් 02ක් අත්අඩංගුවට

Saturday, 24 February 2024 - 11:57 am

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබල දුන් ඌරගහ මයිකල් සහ බූස්සේ හර්ෂ යන දෙදෙනා සහ වෙඩි තැබීම සිදුකළ බවට සැක කෙරෙන දෙදෙනෙකු ඩුබායිහි දී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ, එරට රාත්‍රී සමාජ ශාලාවක් තුළ ඇති වූ ගැටුමක් අතරතුරදීය.

ඒහිදී ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට පත්වූ 13 දෙනාම බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය මෙහෙයවූ බවට සැක කෙරෙන කොස්ගොඩ සුජීගේ සමීපතමයින් බව පැවසේ.

වැඩිදුරටත් හෙළිවී ඇත්තේ කොස්ගොඩ සුජී එම පිරිස මුදාගැනීමට මේ වන විට උත්සාහ කරමින් සිටින බවය.

කෙසේ වෙතත් මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඩුබායි රාජ්‍යය තවමත් ලක් රජයට නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නැත.

සැකකරුවන් මෙරටට ගෙන්වාගැනීම සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දෙරටේ ආරක්ෂක අංශ සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT