Local

IMF කොන්දේසි ගැන අනුරගෙන් ප්‍රකාශයක්

Wednesday, 04 September 2024 - 4:56 pm

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි රටට අහිතකර නොවන බව  ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

කොළඹ පැවති ව්‍යාපාරික හමුවකට එක් වෙමින් ඔහු පැවසුවේ, එම අරමුදලෙන් ඒකපාර්ශවීයව  ඉවත් වීමට ද තම ආණ්ඩුවක් යටතේ අපේක්ෂා නොකරන බවය. 

'ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක තියෙන මේ වැඩසටහන අපේ සමස්ත ජාත්‍යන්තර සබඳතා යන සියල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන බාස්කට් එක ඇතුළේ තියෙන්නේ. ද්විපාර්ශවීය ණය ගනුදෙනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන බාස්කට් එක ඇතුළේ. බහුපාර්ශවීය ණය ගනුදෙනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන බාස්කට් එකේ. ඒ කියන්නේ සමස්ත අනාගත වැඩසටහනම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක එකට ගැට ගහලා තියෙන්නේ. මේ වෙලාවේ කවුරු හරි ඒකපාර්ශවීයව එම වැඩසටහනෙන් ඉවත්වීම සඳහා කල්පනා කරනවා නම් එය පුරවැසියා පිළිබඳව හෝ රට පිළිබඳව වගවීම අත්හැරීමක්. 

ඒ නිසා අපි ඔබට සහතිකයක් දෙනවා. අපි ඒකපාර්ශවීයව කිසිසේත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉවත්වීමට බලාපොරොත්තුවක් නෑ. ඒත් අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සකස් කර ඇති පරාමිතීන් ප්‍රමාණයක් තියෙනවා අපි විසින් සම්පූර්ණ කළ යුතු. ප්‍රාථමික ගිණුමේ ශේෂය 2.3ක අපි රඳවා ගත යුතුයි ලබන වසරේ. 2032 වෙනවිට අපේ ණය අනුපාතය 98% ඉලක්කමට රඳවා ගත යුතුයි. අපිට යම් පරාමිතීන් ප්‍රමාණයක් ලබාදීලා තියෙනවා. ඒවා රටකට අහිතකර නෑ. ඒවා ළඟා කරගැනීම නරක දෙයක් නෙමෙයි. එය කවුරු විසින් ලබාදුන්නත් එය ආර්ථික ඉලක්ක නරක ඒවා නෙමෙයි.'


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT