Local

කොළඹ එජාප නාගරික මන්ත්‍රීවරියට පහරදීමට එරෙහිව කොළඹ මහ නගර සභාව ඉදිරිපිට විරෝධතාවක්

Wednesday, 18 June 2025 - 5:17 pm

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ මහ නගර සභා නාගරික මන්ත්‍රීවරියක් වන යූ. සඳමාලිට එල්ල වූ මැර ප්‍රහාරයට විරෝධය දක්වමින් අද (18) දේශපාලන පක්ෂ, සිවිල් ක්‍රියාකාරීන් හා සංවිධාන ඇතුළු පිරිසක් එක්වී උද්ඝෝෂණයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව පෙරේදා රාත්‍රියේදී යූ. සඳමාලි මන්ත්‍රීවරිය පිළිගැනීම සඳහා පැවති උත්සවයක් අවසන් කර ඇය යමින් සිටියදී, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ දී කිසියම් පිරිසක් පැමිණ ඇයට අමානුෂික අයුරින් පහරදීම හේතුවෙන් ඇය තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි සඳහන් වෙන්නේ.

මෙම ප්‍රහාරය හෙළා දකින බවත්, ජනතා විමුක්ති පෙරමුණේ මැර දේශපාලනය නැවතත් හිස ඔසවා ඇති බවත් විරෝධතාකරුවන් පවසනවා. 

මේ හේතුවෙන් පහර දුන් පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT