Local

අධිකරණයෙන් නියෝගයක් අනුව පොලිස් නිලධාරින් තිදෙනෙක් පුරවැසියෙක් ඉදිරියේ දණින් වැටී සමාව ගනී

Saturday, 17 February 2024 - 12:21 pm

නාරාහේන්පිට පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරු දෙදෙනෙක් හට අගතියට පත් පුද්ගලයෙක් ඉදිරියේ දණ නමා සමාව අයැද සිටින ලෙසට අධිකරණය නියෝග කර තිබෙනවා.

2017 වසරේ දිනයක අදාළ පුද්ගලයා නාරාහේන්පිට පිහිටි පුද්ගලික රෝහලක් වෙත යමින් සිටියදී, මාර්ගයේ සේවය කළ සනීපාරක්ෂක සේවකයෙකු අනතුරට ලක්ව සිටිනු දැක පොලිසියටද දන්වා තුවාලකරු රෝහල්ගත කර ඇති අතර, පසුව සැකකාර සැරයන්වරයා හා කොස්තාපල්වරුන් දෙදෙනා විසින් අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරියට දැමූ බවයි පෙත්සමක් මගින් ඔහු දන්වා සිටියේ.

නීතිවිරෝධීව අත්අඩංගුවට ගැනීමෙන් හා රඳවා තබාගැනීමෙන් අගතියට පත් කිරීම යන කරුණ යටතේ අධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණු නමුත්, පසුව වගඋත්තරකාර පොලිස් නිලධාරින් සමග සමාදාන වීමට පෙත්සම්කරු එකඟ වී තිබෙනවා.

ඒ අනුව, (15) ශ්‍රේෂ්ඨාධිකරණයේදී මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මින් ඉදිරියට මෙවැනි ක්‍රියා සිදු නොකරන ලෙසට විනිසුරුවරයා විසින් අවවාද කර ඇති අතර, ඉන්පසුව පොලිස් නිලධාරින් තිදෙනාම වෙන් වෙන්ව පෙත්සම්කරු ඉදිරියට ගොස් දන නමා වැඳ සමාව ඉල්ලා ඇති බවයි සඳහන් වන්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT