Local

ටෙලිකොම් කියමින් බැංකු ගණුදෙණුකරුවන්ගේ මුදල් ගන්නා ජාවාරමක්…

Sunday, 18 August 2024 - 11:42 am

හැටන් ටෙලිකොම් කාර්යාලයේ ප්‍රවර්ධන අංශයේ නිලධාරින් බව පවසමින් හැටන් ටෙලිකොම් කාර්යාලය යටතේ පාලනය වන බල ප්‍රදේශයේ ස්ථාවර දුරකථන සම්බන්ධතා ඇති පාරිභෝගිකයන්ට ජංගම දුරකථන අංකයකින් දුරකථන ඇමතුම් ලබාගෙන එම ගණුදෙණුකරුවන්ගේ මහජන බැංකු ගිණුම් වලින් මුදල් වෙනත් ගිණුමකට මාරු කර ගැනිමේ ජාවාරමක් සිදුවෙමින් පවතින බව ටෙලිකොම් පාරිභෝගිකයන් පවසයි.

හැටන් ටෙලිකොම් කාර්යාලයේ ප්‍රවර්ධන අංශයේ නිලධාරින් බව පවසමින් රාත්‍රි කාලයේ ස්ථාවර දුරකථන අංක වලට ඇමතුම් ලබාගෙන ‘සර් අපි හැටන් ටෙලිකොම් කාර්යාලයේ ප්‍රවර්ධන අංශයෙන්, සර් පසුගිය මාස කිහිපය තුල ටෙලිකොම් කාර්යාලයට නිසිලෙස නියමිත වේලාවට බිල්පත් ගෙවා තියෙනවා, එම බිල්පත් වල වටිනාකම ලොකු අගයක්, ඔබ ගෙවා ඇති බිල්පත් මුදල් අපි විනාඩි දහයකින් ආපසු සර්ගේ ගිණුමට බැර කරනවා, ඒ සදහා මහජන බැංකුවක පවත්වාගෙන යන ඕනැම ගිණුමක අංකයක් අපිට ලබා දෙන්න’ යනුවෙන් පවසන එම පුද්ගලයාට ගිණුම් අංකය පැවසිමෙන් පසු ක්ෂණික ගණුදෙණුකරුගේ ජංගම දුරකථන අංකයට පැමිණෙන රහස් අංකය ලබාගෙන දුරකථන ඇමතුම ලබාගත් පුද්ගලයා විසින් ඇමතුම විසන්ධි කරනු ලබයි.

ගිණුම් අංකය ලබාදිමෙන් පසු ගණුදෙණුකරුගේ දුරකථන අංකයට බැංකුවෙන් කෙටි පණිවිඩයක් මගින් ඔහුගේ ගිණුමේ තිබු ශේෂයේ උපරිමය වෙනත් ගිණුමකට බැර වි ඇති බවට පණිවිඩයක් ලැබිමෙන් පසු මෙය වංචාවක් බව පාරිභෝගිකයන් අනාවරණය කරගෙන ඇත.

මේ පිලිබදව හැටන් සහ මස්කෙලිය ප්‍රදේශයේ ටෙලිකොම් පාරිභෝගිකයන් කිහිපදෙනෙකු විසින් මස්කෙලිය පොලිසියට පැමිණිලි කර ඒ පිලිබදව හැටන් ටෙලිකොම් කාර්යාලයේ නිලධාරින් සහ මස්කෙලිය සහ හැටන් මහජන බැංකු ශාඛාවල කලමණාකරුවන් ලිඛිතව දැනුවත් කිරිමට පියවර ගෙන ඇත.

හැටන් ටෙලිකොම් කාර්යාලයේ නිලධාරියෙකුගෙන් මේ සම්බන්ධයෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ එවැනි ප්‍රවර්ධන කටයුත්තක් ටෙලිකොම් කාර්යාලය මගින් සිදු නොකරන බවත්, එවැනි දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර දැක්විමෙන් වැලකි සිටින ලෙසත්, ලද පැමිණිලි සම්බන්ධයෙන් විමර්ෂණයක් ආරම්භ කරන ලෙස ටෙලිකොම් ආයතනය විමර්ෂණ අංශයට එම ලිපි යොමු කර ඇති බවයි එම නිලධාරියා කියා සිටියේ.

– රංජිත් රාජපක්ෂ


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT