Local

ශ්‍රී ලංකාව සහ බෙනින් රාජ්‍යය අතර අවබෝධතා ගිවිසුමක්

Saturday, 20 January 2024 - 9:43 pm

රාජ්‍ය තාන්ත්‍රික, නිල සහ සේවා ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා ලබා ගැනීමෙන් නිදහස් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව සහ බෙනින් රාජ්‍යය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

අදාළ ගිවිසුම මගින් දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික, නිල සහ සේවා ගමන් බලපත්‍ර හිමියන්ට පූර්ව වීසා බලපත්‍රයක් ලබා ගැනීමකින් තොරව දින 30ක් දක්වා එක් රටකට ඇතුළු වීමට සහ එහි රැඳී සිටීමට පහසුකම් සැපයීම සිදුවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා ද බෙනින් රාජ්‍යය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍ය Olushegun Adjadi Bakar මහතා මෙම ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

ශ්‍රී ලංකා – බෙනින් ද්විපාර්ශ්වික සබඳතා නව මානයකට ගෙන එමින් දෙරට අතර ඇති කරගත හැකි නව ආර්ථික අවස්ථා පිළිබඳ සොයා බැලීමට නුදුරේදීම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී බෙනින් රාජ්‍යයේ විදේශ අමාත්‍යවරයා වෙත ආරාධනා කර ඇති බව සඳහන්.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT