Local

මහ බැංකුවේ වැඩි වූ වැටුප් ගැන මුදල් කාරක සභාවේ වාර්තාව අනුව තීරණයක් ගන්නවා – අගමැති දිනේෂ් ගුණවර්ධන කියයිමහ බැංකුවේ වැඩි වූ වැටුප් ගැන මුදල් කාරක සභාවේ වාර්තාව අනුව තීරණයක් ගන්නවා – අගමැති දිනේෂ් ගුණවර්ධන කියයි

Thursday, 07 March 2024 - 8:16 am

රී ලංකා මහ බැංකුවේ එක් එක් ශ්‍රේණි සඳහා 2024 වර්ෂය මුලදී තිබූ මූලික වැටුප හා දළ වැටුප

කා.කා.ස.ගේ වැටුප රු.188000.00යි

නියෝජ්‍ය අධිපතිට ලක්ෂ 17යි

මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීම ගැන පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව දෙන වාර්තාව අනුව තීරණ ගන්න ආණ්ඩුව සූදානම් යැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය.
එක් එක් ආයතන නිෂ්පාදනය වැඩි කර ගැනීම සඳහා වෘත්තීය සමිති සමග සාමුහික ගිවිසුම් ඇති කර ගන්නා බවත්, එහෙත් එහිදී එක් එක් ආයතන අනුගමනය කරන සූත්‍ර වෙනස් බවත්, මහ බැංකුවේ සේවකයන් වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සකසන වාර්තාවේදී ඒ ගැන අවධානය යොමුකරන බව ද, අග්‍රාමාත්‍ය වරයා ප්‍රකාශ කළේය.
මහා බැංකුව සම්බන්ධයෙන් පමණක් නොව අනෙකුත් බැංකු ගැනද එහිදී අවධානය යොමුකරන ලෙස පැවසූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ඒ සියලු තොරතුරු සලකා බැලූ වාර්තාවක්, පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවෙන් බලාපොරොත්තු වන බව , එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා වෙත සඳහන් කළේය.

මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුව හැටියට විසඳා ගනිමු, යනුවෙන්ද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .එම්. මරික්කාර් මහතා ඊයේ විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය.

2022 වර්ෂයේ සිට අත්විඳින්නන්ට සිදු වූ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉටු කළ යුතු කාර්යයන් සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර, ශ්‍රී ලංකා මහ බැංකු සේවාවෙන් ඉල්ලා අස්වු නිලධාරීන් සංඛ්‍යාව ද විශාල ලෙස ඉහළ ගියේය. එහෙයින්, ඉතිරි වූ සේවක පිරිස මත පැවැරුණු රාජකාරි හා වගකීම් ප්‍රමාණාත්මකව ඉහළ ගිය අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යයන් බාධාවකින් තොරව පවත්වා ගෙන යාම සඳහා ඉහළ නිපුණතාවයකින් යුතු මනා පුහුණුවක් ලද නිලධාරීන් පිරිස තවදුරටත් සේවයේ රඳවා ගැනීම අත්‍යවශ්‍ය විය. වැටුප් සංශෝධනය වසර තුනක කාලයක් (2024-2026) සඳහා බලපවත්වන අතර, අදාළ වසර තුනක කාලය අවසානය වන තෙක් කිසිදු අතුරු ගැළපීමක් සිදු නොවීම.

ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන්ට මහ බැංකුවේ සේවයේ යෙදී සිටිය දී වෙනත් වෘත්තීන්හි හෝ ව්‍යාපාරවල නිරත වීමට අවසර නැත.

ගරු කථානායකතුමනි, මේ ප්‍රශ්නය ඊයෙ දිනයේ පාර්ලිමේන්තුවට ආණ්ඩු පක්ෂයත්, විපක්ෂයත්, විශේෂයෙන් විරුද්ධ පක්ෂයේ ප්‍රධානීන්ගේ ඉල්ලීමෙන් මහ බැංකු අධිපතිතුමා සහ නිලධාරීන් ඔබතුමා විසින් කැඳෙව්වා. ඒ වගේම මීට අදාළ තවත් පාර්ශ්වයක් වන මහ බැංකුවේ වෘත්තීය සමිති ද කැඳවනු ලැබුවා. ඒ පිළිබඳව මුදල් කාරක සභාවට ද ආචාර්ය හර්ෂ මැතිතුමා විසින් වෙනමම කැඳවනු ලැබුවා. එවැනි සාකච්ඡා දෙකක් පාර්ලිමේන්තුව පවත්වලා අන්‍යෝන්‍ය කරුණු පැහැදිලි කරගෙන තිබෙද්දී මා හිතන්නේ ඉතා කෙටියෙන් ගරු මන්ත්‍රීතුමාට අවශ්‍ය කාරණාව පිළිබඳ විස්තර මම සභාගත කරන්න කැමතියි.

ඊයේ දිනයේත් ඔබතුමන්ලා සමඟ මහ බැංකු අධිපතිතුමා සහ නිලධාරීන් මේ ලේඛනයන් සියල්ල ඉදිරිපත් කරනු ලැබුවා. දැන් අද මට තිබෙන්නේ ඇත්තවශයෙන්ම සභාගත කරන්න. දීර්ඝ විස්තරයක් තියෙනවා එකින් එක තනතුරු අනුව.

කාර්ය මණ්ඩල උකස් නිවාස ණය, අනිත් තැන්වල වගේම, ලැබෙනවා.කාර්ය මණ්ඩලය උකස් රථ වාහන ණය, හැම බැංකුවකම දෙන දෙයක් මේක. මන්ත්‍රීතුමන්ලා දන්නේ නැතුව නෙමෙයිනෙ. කාර්ය මණ්ඩල සුබ සාධන ණය හැම ආයතනයකම දෙනවා. වෛද්‍ය ප්‍රතිලාභ පහසුකම් හැම ආයතනයක මේ සේවකයින්ට රාජ්‍ය ආයතනවල විවිධ කේන්දීය ආයතනවල ඉහළිනුත්, අනිත් ආයතනවල පහළිනුත්, බුක්ති විඳිනවා. මේ ආකාරයෙන් තමයි ඒ වැඩිවීම ඉටුකරලා තිබෙන්නේ.

ඉතින් ඔබතුමා දන්නවා ගරු කථානායකතුමනි මේ අලුත් ගිවිසුමට එළැඹෙන්න මහ බැංකු අධිපතිතුමා හා පාලන මණ්ඩලය වෘත්තීය සමිති සමඟ කේවල් කිරීමේ අයිතිය ඇතිව තමයි මේ සාමූහික ගිවිසුම අත්සන් කලේ. මම අහන්න කැමතියි මොකද අපි තවම එහෙම ප්‍රකාශයක් කරලා නෑ.

සියලු සාමූහික ගිවිසුම් ලංකාවේ අහෝසි කරන්නද කියලා. මේක පෞද්ගලික අංශයේ කාර්මික සමාදානය සඳහා නිෂ්පාදනය වැඩි කිරීම සඳහා සේවකයින් වඩාත් උනන්දු කිරීම සඳහා දීර්ඝ කාලයක් අනුගමනය කරන පිළිවෙතක්. ලංකාවේ වැඩ කරන ජනතාව සංවිධානය තියෙන්නේ වෘත්තීය සමිති මගින්.

සාකච්ඡා පවත්වන්නේ වෘත්තීය සමිති හරහා. එවැනි පිළිවෙතකට පාර්ලිමේන්තුව තාම ඇවිල්ලා තියෙනවාද කියන එක පාර්ලිමේන්තුවම තීරණය කරන්න, එසේ නැත්නම් සාමූහික ගිවිසුම් පිළිබඳව නිගමනය කිරීමේදී එහි අනුගමනය කරන සූත්‍රය අපි සලකා බලන්න වටිනවා. මම හිතනවා හර්ෂද සිල්වා මැතිතුමාගේ කොමිටිය මේ සංඛ්‍යාත්මකව තියෙන ප්‍රමාණයට වඩා මේ එකින් එක තැන්වල සූත්‍ර වෙනස්. ජනාධිපතිතුමා මෙතන ඉද්දි මම කියන්නේ.

එකින් එක තැන්වල සූත්‍ර වෙනස්. මහ බැංකු එකක්, ලංකා බැංකුව එකක්, මහජන බැංකුව එකක්. ඉතින් ඒ නිසා තමයි මේ කේවල් කිරීම සිදුවෙමින් සාමූහික ගිවිසුමක් අත්සන් කොට අවුරුදු ගණනාවක කාර්මික සාමය ආරක්ෂා කරගෙන යන්නේ.

ආයතන හැටියට ස්වාධීනත්වය දීලා තිබෙනවා. යම්කිසි අඩුපාඩුවක් තිබෙනවා නම් ආචාර්ය හර්ෂද සිල්වා මැතිතුමාගේ කමිටුව සමඟ අපි සාකච්ඡා කරලා පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන්න පුළුවන්. ඒ වගේම ගරු අපේ කොමියුනිස්ට් පක්ෂයේ ගරු මන්ත්‍රීතුමා මට පුදුමයි ලංකාවේ වැඩ කරන ජනතාවගේ සාමූහික ගිවිසුම් ගැන අවලංගු කිරීමක් හෝ වලංගුභාවයක් නැතිකිරීම ගැන කටයුතු කිරීම ගැන. එහෙම කතා කරන්න් එපා. මේ දීර්ඝ ගමනක් ඇවිල්ලා තියෙන රටක්. බොරු නෙවෙයි. සාමූහික ගිවිසුම් කියන්නේ ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නිර්මාතෘ එස්. ඒ. වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ සමූහික ගිවිසුම අත්සන් කළේ. දන්නේ නැතිව උඩ බලාගෙන කෙළ ගහගන්න එපා. අපි තියන ගැටළුවක් අපි සාකච්ඡා කරලා පාර්ලිමේන්තුව හැටියට විසඳගමු.

පසුගිය 2016 කාලයේ ඉඳන් පළවෙනි කෙටුම්පත දාලා තිබුණේ. ඒ අනුව දීර්ඝ සාකච්ඡාවක් කරලා පාර්ලිමේන්තුව ඒ පනත සම්මත කළා. ඒ අනුව මූල්‍ය මණ්ඩලයයි මහ බැංකුවයි වෙන් කරනු ලැබුවා. ඒ අනුව මතුවෙන්න පුළුවන් ප්‍රශ්න ඉදිරියේත් මතුවිය හැකියි. ඒ නිසා ආණ්ඩුව සූදානම් බව අපි කිව්වා. මූල්‍ය කමිටු වෙන් නිර්දේශ කරන වාර්තාව මත යම් යම් තීරණ ගන්න ඕනෙ නම් අපි ඒ තීරණ ගන්න සූදානම්. නමුත් මම විශේෂයෙන් හර්ෂ ද සිල්වා මැතිතුමාට කියනවා අපි මේ යන්නේ සංඛ්‍යාත්මක ප්‍රශ්නයක හා වේදනාව මතයි. අපේ රටේ ජනතාවට වැටුප් වැඩි වැඩිවීම හා ඒවාගේම මහ බැංකුව වැඩිකරගෙන තිබෙන වැටුප් ප්‍රමාණයන් සම්බන්ධව ඇතිවී තිබෙන කාරණය පමණක්ම නොව, මේ එක් එක් ආයතන සූත්‍රයන් අධ්‍යයනය නොකර මේ ප්‍රශ්නයට අවතීර්ණ වීම මම හිතන්නේ ඔබතුමාට මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා. මේ සූත්‍රයන් විසින් තමයි මේ කේවල් කිරීමේදී සාමූහික ගිවිසුම් ඇති කරන්නේ. ඒ නිසා එම සූත්‍රයන් සියල්ලත් අවධානයට ලක් කරන්න කියලා මහ බැංකුවෙන් විතරක් නෙවෙයි අනිත් බැංකු ගැනත් හොඳයි. මොකද මේ ප්‍රශ්නය මූල්‍ය ප්‍රශ්නය අවසානයේ එන්නේ මේ පාර්ලිමේන්තුවට. නැතිව ඉන්න ඇමතිවරයාට නෙවෙයි. ඒ වගේම ඒ වගේ වැඩ කරන ජනතාවගේ හා සේවය කරන ජනතාව විශේෂඥයින් ගැන අපි අවධානය යොමු කළ යුතුමයි. ඒ සඳහා ඔබතුමාගේ කමිටු වාර්තාව අපි බලාපොරොත්තු වෙනවා.


Top Stories
wedivistara

පොලිස්පති ඉන්න තැන ගැන නියෝජ්‍ය ඇමතිතුමා දන්නවා කිව්වානේ, ඇයි අපෙන් අහන්නේ? - නාමල්

wedivistara

අද කාලගුණ නි‍වේදනය

wedivistara

අනුරාධපුර වෛද්‍යවරියගේ සිදුවීමේ සැකකරුගේ සහෝදරිය අත්අඩංගුවට

wedivistara

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවෙකු ගුවන් තොටුපලේදී අත්අඩංගුවට

wedivistara

අක්මීමන වෙඩි තැබීමකින් හිටපු බන්ධනාගාර අධිකාරීවරයෙක් මරුට

wedivistara

පොල් පැළ ලක්ෂ 04ක් අඩු ආදායම්ලාභී පවුල් වෙත බෙදා දීමට තීරණයක්

Trending
wedivistara

අපේ වගේ නෙමෙයි, Al Jazeera පැය දෙකක් විතර අරගෙන පැයයි දාලා තියෙන්නේ හොද කරුණු නෑ. - රනිල් මාධ්‍යයට කියයි

wedivistara

අනුරාධපුර රෝහලේ 'රාජකාරියේ යෙදී සිටි වෛද්‍යවරියක' දූෂණයට ලක් කිරීම ගැන විමර්ශනයක්

wedivistara

අධිවේගී මාර්ගයට යළිත් STF යෙදවීමට පියවර

wedivistara

ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති කැපී පෙනෙන ප්‍රගතිය පිළිබඳව සුබ පතනවා - IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය

wedivistara

වසර හතකට පසු කළමනාකරණ නිලධාරීන් බඳවා ගැනීමට පියවර

wedivistara

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදෙයි


NEWS ALERT