Local

ජාතික පසු අස්වනු කලමනාකරණ ආයතනයෙන් පලතුරු, පල්ප හා ක්ෂණික පලතුරු බීම සැකසීමේ හා බෙදා හැරීමේ මධ්‍යස්ථානයක්

Saturday, 31 May 2025 - 8:13 pm

ජාතික පසු අස්වනු කලමනාකරණ ආයතනයේ තාක්ෂණික මැදිහත්වීමෙන් RD පලතුරු නිෂ්පාදන සමාගමෙහි පලතුරු, පල්ප හා ක්ෂණික පලතුරු බීම සැකසීමේ හා බෙදා හැරීමේ මධ්‍යස්ථානය විවෘත කිරීමේ සමාරම්භක උත්සවය ඊයේ(30) කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම්ු සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මිනුවන්ගොඩ, බොරගොඩවත්ත පලතුරු, පල්ප හා ක්ෂණික පලතුරු බීම සැකසීමේ හා බෙදා හැරීමේ මධ්‍යස්ථානයේදී පැවැත්විණ.

මෙහිදී පසු අස්වනු කලමනාකරණ ආයතනයේ සභාපති මහාචාර්ය රෝහිත ප්‍රශාන්ත මහතා මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

“අස්වැන්නට අගයක්- ගමට ව්‍යවසායකයෙක් තේමාව යටතේ පසු අස්වනු තාක්ෂණය සමඟ පෙරට යන කෘෂි ව්‍යවසායකයින් දහසක් නිර්මාණය කිරීමේ අභිලාශය පෙරදැරිව අප මෙම වැඩසටහන ආරම්භ කළා. රජයේ ප්‍රතිපත්තිය අනුව ලස්සන ජීවිතයක් පොහොසත් රටක් ඇති කිරීම සඳහා අපි කැපවෙනවා. ඒ අනුව ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීමට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඇති කිරීමේ එක් පියවරක් ලෙස අපි අද ඒ කාර්යයට මුල පුරා තිබෙනවා. ඒ වගේම මෙම කටයුත්ත දිවයින පුරා ගෙනයෑම අපේ අපේක්ෂාවයි. මේ සඳහා පසු අස්වනු කලමනාකරණ ආයතනයේ නිලධාරීන් විශාල දායකත්වයක් ලබා දුන්නා. ඒ පිළිබඳව ඔවුන්ට විශේෂ ස්තූතියක් හිමි විය යුතුයි.”

“RD පලතුරු නිෂ්පාදන මේ වනවිට පලතුරු නිෂ්පාදනය කරනවා. ඒ වගේම විදේශ රටවලට පලතුරු අපනයනය කරනවා. මෙම ව්‍යවසායකයා නිසා මේ ප්‍රදේශයේ ජනතාවට නව රැකියා අවස්ථා උදා වෙනවා. ඒත් එක්කම ගමේ ආර්ථිකය සවිබල ගන්වන්න මෙවැනි ව්‍යාපාර හරහා හැකියාව ලැබෙනවා.”

“පසු අස්වනු කලමනා කරණ ආයතනයේ කාර්යයභාරය හේතුවෙන් 30% – 40% අතර තිබුණු පසු අස්වනු හානිය 20%ක් දක්වා අවම මට්ටමකට ගෙන එන්න හැකියාව ලැබුණා. ඒ කියන්නේ රටට වසරක් තුළ රුපියල් මිලියන 32,000ක් ඉතුරු කරලා දීලා තියෙනවා. එය අප ලද සුවිශේෂී ජයග්‍රහණයක්.”


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT