Local

ඉතිහාසයේ විපක්ෂයක් රටට වැඩක් කළ ප්‍රථම අවස්ථාව මෙයයි -සමගි ජන බලවේගයේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

Wednesday, 04 September 2024 - 5:19 pm

ආණ්ඩුවේ බදු මර උගුලින් රාජ්‍ය සේවකයන් මුදා ඔවුන්ගේ සේවයට වැඩි වටිනාකමක් දෙන බව සමගි ජන බලවේගයේ ජනපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවැසුවේ ජනපතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සංවිධාන කළ ජනරැලි මාලාවේ තවත් ජන රැලියක් පෙරේදා (02) මුලතිව්හිදී පැවති අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“කාන්තා ගෘහ මූලික පවුල් ඒකකවලට ජීවනෝපාය ශක්තිමත් කරන විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ආබාධිත ප්‍රජාව වෙනුවෙන් විශේෂ පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ආබාධිත ප්‍රජාව රටේ ආර්ථික දියුණුවේ කොටස්කරුවන් බවට පත් කරන්න දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.

මුලතිව් මැතිවරණ කොට්ඨාසයේ දැවැන්ත නිවාස ව්‍යාපෘති ගණනාවක් අපි ආරම්භ කළා. නමුත් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඒ නිවාස වැඩසටහන් නතර කර දැමුවා. පසු ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ අඩිපාරේ යමින් ඉදිකළ නිවාසවලට මුදල් දීම ප්‍රතික්ෂේප කළා. සැප්තැම්බර් 21 වැනිදා සමගි ජන සන්ධානය ජයග්‍රහණය කළාට පසුව උතුරු, නැඟෙනහිර වගේම රටේ අනෙකුත් පළාත්වල ආරම්භ කළ නිවාස ව්‍යාපෘති අංග සම්පූර්ණ කරන්න මුදල් ප්‍රතිපාදන දීමට කටයුතු කරනවා. ඉඩම් නොමැති, නිවාස නොමැති රටේ ජනතාව වෙනුවෙන් ගම්උදා යුගය නැවත වතාවක් ආරම්භ කරනවා.

මුලතිව් මැතිවරණ කොට්ඨාසයේ ධීවර කර්මාන්තය වැඩිදියුණු කරනවා. මුලතිව් මැතිවරණ කොට්ඨාසයේ කුඩා වරාය සහ තොටුපොළ විදේශ ආධාර ගෙන සංවර්ධනය කරනවා. ධීවර ප්‍රජාවගේ ජීවනෝපායන් ශක්තිමත් කරනවා. පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රය හරහා ධීවර කර්මාන්තය සංවර්ධනය කරනවා.

සූර්ය බලශක්තිය, සුනිත්‍ය බලශක්තිය, සූර්ය පැනල හරහා තිරසර බලශක්තියට මුල් තැන දීමෙන් රැකියා ප්‍රවර්ධනය කිරීමට අපි අදහස් කරනවා. මාන්කුලම් ප්‍රදේශයේ ආර්ථික සංවර්ධන මධ්‍යස්ථානයක් ස්ථාපනය කර ආයෝජනය, රැකියා, දේශීය ආර්ථිකය, ගෘහ ආර්ථිකය, ප්‍රාදේශීය ආර්ථිකය වැඩිදියුණු කරන්න කටයුතු කරනවා. මුලතිව් දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවලට නිෂ්පාදන කර්මාන්තශාලා ඇති කරනවා. මුලතිව් දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා අවස්ථා නිර්මාණය කර මුලතිව් දිස්ත්‍රික්කය සංවර්ධනයට ඍජු විදේශ ආයෝජන ගෙන ඒමට කටයුතු කරනවා.

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විවිධ සැලසුම් ඉදිරිපත් කරමින් යනවා. නමුත් ඔහු මුලතිව් දිස්ත්‍රික්කය සංවර්ධනය කරන්න කිසිවක් සිදු කර නෑ. උතුරේ තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නය විසඳන්න එක කර්මාන්තශාලාවක් ඉදිකර නෑ. රටේ ඉන්න කයියනායකවරුන් රටේ සංවර්ධනය වෙනුවෙන් කිසිවක් කර නෑ. ඔවුන් කිසිදු කර්මාන්තශාලාවක් රට වෙනුවෙන් ඉදිකර නෑ. ඔවුන්ට හැකියාව තිබෙන්නේ කර්මාන්තශාලා ගිනි තියන්න.

මුලතිව් දිස්ත්‍රික්කයේ වී ගොවිතැන ඇතුළු රටකජු, කිරි ආශ්‍රිත කර්මාන්ත, මත්ස්‍ය කර්මාන්ත ශක්තිමත් කරනවා. සමගි ජන සන්ධාන රජයකින් ගොවි ජනතාවට ගුණාත්මකභාවයෙන් ඉහළ පොහොර රුපියල් 5000ට දීමට කටයුතු කරනවා. වී ගොවීන්ට ඉහළ සහතික මිලක් දෙන්න අපි කැප වෙනවා. ගොවීන්ගේ ගොවි ණය කපාහරින්න සමගි ජන සන්ධාන රජයකින් කටයුතු කරනවා.

කිව් ආර් ක්‍රමවේදය යටතේ ගොවි, ධීවර ජනතාවට, ත්‍රිරෝද රථ රියැදුරන්ට, පාසල් ප්‍රවාහන රථවලට, ශක්ති වී මෝල් හිමියන්ට ඉන්ධන සහනාධාරයක් දෙන්න අනිවාර්යයෙන් කටයුතු කරනවා. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේදී වනජීවී ක්ෂේත්‍රය කේන්ද්‍රීය සංචාරක කර්මාන්තය අලුත් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. සංචාරක කර්මාන්තය දියුණු වීම හරහා මුලතිව් පුරවරය සංචාරක නගරයක් බවට පත්කොට එයින් තරුණ තරුණියන්ට රැකියා ලැබෙන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. මුලතිව් මැතිවරණ කොට්ඨාසයේ තරුණ සංවර්ධන මධ්‍යස්ථාන සහ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ මට්ටමින් තාක්ෂණික උද්‍යාන ආරම්භ කර ඒවා රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘති ලෙස ක්‍රියාත්මක කර තරුණ ප්‍රශ්නවලට විසඳුම් දෙනවා.

ඉඩම් සවිබල ගැන්වීමේ ක්‍රියාවලියට ජනාධිපති කාර්ය සාධක බළකායක් ක්‍රියාත්මක කර, ජනතාවගේ ඉඩමට තිබෙන අයිතිය ශක්තිමත්ව දෙන්න අපි කටයුතු කරනවා. ජාතීන් අතර එකමුතුභාවය, සංහිඳියාව අපි ස්ථාපනය කරනවා. පාසල් පද්ධතිය ශක්තිමත් කරමින් සෑම පාසලක්ම සුහුරු පාසලක් බවට පත් කරනවා. කෘෂිකාර්මික සහ ධීවර ක්ෂේත්‍ර සුහුරු ක්ෂේත්‍ර බවට පත් කරනවා.

76 වසරක දේශපාලන ඉතිහාසයේ විපක්ෂයක් රටට වැඩක් කර පෙන්නුවා. විපක්ෂය සිදු කළ සක්වළ, හුස්ම වැඩසටහනින් සුහුරු පන්ති කාමර, බස් රථ දී තිබෙනවා. රෝහල්වලට ආධාර දී තිබෙනවා. මෙහි වටිනාකම ලක්ෂ 10,000යි. සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් ඉතිහාසයේ ප්‍රථම වතාවට බලයක් නැතිව රටට වැඩ කර එය ඔප්පු කර තිබෙනවා. මම කරන දේ සහ කියන දේ දෙකම ක්‍රියාත්මක කරනවා. සමගි ජන සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු සියලුම කරුණු කාරණා මහ පොළොවේ සත්‍යයක් කරනවා. වැලි, බොරුළු වැනි ස්වාභාවික සම්පත් රැක ගනිමින් තිරසර සංවර්ධනයකට අපි කැපවෙනවා. දූෂණ විරෝධී වැඩපිළිවෙළ ශක්තිමත්ව ක්‍රියාත්මක කරනවා. රටේ ජාතික දේපොළ සහ ජාතික සම්පත් මංකොල්ලකාපු සියලු දෙනා නීතිය හමුවට ගේනවා. රටට අහිමි වූ සෑම මුදලක්ම නැවත ගන්න කටයුතු කරනවා.

මුලතිව් දිස්ත්‍රික්කය නව නිර්මාණ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා. ප්‍රජා කේන්ද්‍රීය පුනර්ජනනීය බලශක්ති මධ්‍යස්ථානයක් බවට පත් කරනවා. මුලතිව් දිස්ත්‍රික්කයේ ඩිජිටල් සාක්ෂරතාව දියුණු කරන්න කටයුතු කරනවා. මුලතිව් දිස්ත්‍රික්කයේ තිබෙන වට්ටුවාහල් පාලම, මුල්ලේවයික්කාල් මුලතිව් යා කරන පාලම් සංවර්ධනය කරනවා. මුල්මෝටෙයි කෝකිලායි යා කරන පාලම ඉදිකරනවා. රටේම සංවර්ධනය ක්‍රියාත්මක කිරීමේ වගකීම මමත් මගේ කණ්ඩායමත් භාර ගන්නවා.

රාජ්‍ය සේවයේ නිරත නිලධාරින් විශාල ප්‍රමාණයක් සිටිනවා. රජයේ සේවක වැටුප් ජනවාරි මාසයේ සිට සියයට 24කින් ඉහළ දැමීමට කටයුතු කරනවා. ජීවන වියදම් දීමනාව රුපියල් 25,000 දක්වා වැඩි කරනවා. සෑම රාජ්‍ය සේවකයෙක්ගේම අවම වැටුප 57, 500ක් කරනවා. සංයුක්ත දීමනා දීම වැටුප් දෙන දිනයේදීම දෙන්න කටයුතු කරනවා. සමස්ත රාජ්‍ය සේවයේ තිබෙන ගැටලුවලට අපි විසඳුම් දෙනවා. සියයට 6 සිට සියයට 36 දක්වා ක්‍රියාත්මක වන බදු සූත්‍රය වෙනුවට සියයට 1 සිට සියයට 24 දක්වා රාජ්‍ය සේවකයන්ට සහ මධ්‍යම පන්තියට සහන ලැබෙන බදු සූත්‍රයක් නිර්මාණය කරමින් අපි රාජ්‍ය සේවය සහ මැද පන්තිය රකින වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. විශ්‍රාමික ජනතාවගේ වැටුප්වල තිබෙන විෂමතා ඉවත් කරමින්, වැඩිහිටි ප්‍රජාවගේ ඉතිරි කිරීමේ ගිණුම්වලට සියයට 15ක පොලී අනුපාතයක් දෙන්නත් කටයුතු කරනවා. 2015න් පසුව රජයේ සේවයට බඳවා ගත් සියලු දෙනාට විශ්‍රාම වැටුප් වරම අපි දෙනවා.

පොලිස් නිලධාරින්ට වර්තමාන රජය මාස තුනකට අමතර දීමනාවක් දී තිබෙනවා. සමගි ජන සන්ධාන රජයක් යටතේ එම දීමනාව දිගටම දෙනවා. පොලිස් නිලධාරින්ගේ උසස් වීම් ප්‍රශ්නයට විසඳුම් දෙනවා. අනිවාර්යෙන්ම ගෞරවාන්විත පොලිස් සේවාවක් රටේ ක්‍රියාත්මක කර, ආරක්ෂක අංශයට අභිමානවත් ලෙස රාජකාරි කටයුතු ක්‍රියාත්මත කිරීමට අවශ්‍ය පරිසරය අපි නිර්මාණය කරනවා. one rank one pay ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිටින සියලුම නිලධාරින් ඇතුළු සමස්ත රාජ්‍ය සේවයේ නිලධාරින්ට ශක්තිය දෙන්න අපි කටයුතු කරනවා.

වර්තමාන රජය සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ විශාල ප්‍රමාණයක් ගෙදර යැවීමට සූදානමක් තිබෙනවා. රට දැය බේරාගැනීමේ වැඩපිළිවෙළේදී සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ නිලධාරින් ආරක්ෂා කර ගන්න පාර්ලිමේන්තුවේදී කතා කර ගෙදර යැවීමට උත්සාහ කළ සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රය අපට රැක ගන්න හැකි වුණා.”

අර්ජුන රණතුංග මහතා සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙහිදී අදහස් දැක්වීය.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT