Local

අම්පාර ‍ගල්ඔය ද්‍රෝණිය ආශ්‍රිත ප්‍රදේශවලට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

Friday, 12 January 2024 - 9:24 am

අම්පාර ඉඟිනියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්ටම ඉහළ ය‍ෑම නිසා පිටවන වාන් ජල ප්‍රමාණය ඉහළ ගොස් ඇති බැවින් පහළ ගල්ඔය පහත්බිම් ආශ්‍රිත ප්‍රදේශවල නිකුත් කර තිබුණු ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 සඳහා ද දීර්ඝ කර තිබෙනවා.

පොල්වත්ත, පහළලන්ද, ඉරක්කාමම්, අක්කරෙයිපත්තු, අඩ්ඩාලච්චේනෙයි, අලයාඩිවෙම්බු, සමන්තුරෙයි, කාරතිව්, නින්දවූර්, සයින්දමරුදු, කල්මුනේ සහ ඔලුවිල් අග්නිදිග විශ්ව විද්‍යාල පරිශ්‍රය ආශ්‍රිත පහත් බිම්වල සිටින ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මෙම ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ග, විශේෂයෙන් අතුරු මාර්ගවල ගමන් ගන්නා රථවාහනවල රියදුරන්ට අවධාන‍යෙන් ගමන් ගන්නා ලෙසටයි එමගින් වැඩිදුරටත් දැනුම් ‍දෙන්නේ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT