කොළඹ ආනන්ද විද්‍යාලයීය ශිෂ්‍ය නායක සංගමය විසින් ප්‍රථම වරට සංවිධාන කරන ලද red hope ලේ දන්දීමේ වැඩසටහන එම විද්‍යාලයේදී ඊයේ (07) පැවැත්විණි. මේ වැඩසටහන බාහිර සමාජයට පමණක් සීමා නොකොට පාසල් සිසුන් අතර ද ව්‍යාප්ත කිරීම අරමුණු කරගනිමින් මෙය සංවිධාන කර තිබුණි.
මෙහිදී විද්‍යාලයේ සිසුන් ලේ පරිත්‍යාග කිරීමට එක්ව සිටි අතර කනිෂ්ඨ ශිෂ්‍ය නායකයන් විසින් මේ වැඩසටහන මෙහෙයවන ලදී.
සිසුන් විසින් පරිත්‍යාග කරන ලද ලේ හදිසි රෝගීන්ගේ භාවිතය සඳහා ජාතික ලේ බැංකුවට දීමට මෙහිදී කටයුතු කරනු ලැබීය.
මේ වැඩසටහන සමස්ත පාසල් පද්ධතියට සහ සිසුන්ට ආදර්ශයක් බව පැමිණ සිටි ආචාර්වරු පැවැසූහ.