Local

රනිල් පැරැද්දුවොත් රට ගොඩගන්න කෙනෙත් හොයා තියාගන්න…

Sunday, 01 September 2024 - 12:28 pm

ඉදිරි ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කරවීමට කිසිවකු සිතන්නේ නම් රට ගොඩ ගැනීමටද කෙනෙකු හොයා තියාගන්න යයි නාගරික සංවර්ධන නිවා ආමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

සති අන්ත පුවත්පතක් සමග සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කර තිබේ.

‘බහුතරයක් ජනතාව නිහඬව රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීම සඳහා පෙළ ගැසී සිටිනා බව මට හොඳටම විශ්වාසයි.

රටත්, ඔබත්, දිනනවා දකින්න ඔබ කැමැති නම් සියලු දෙනාම එතුමාට ඡන්දය දීලා එතුමා දිනවන්න.

ඔබ රනිල් පරදවන්න හිතෙන හැම වාරයක් පාසාම පරදින්නේ රනිල් වික්‍රමසිංහ නොව අපි හැම දෙනාමත්, රටත් බව මතක තියාගන්න.

ඒ වගේම රනිල් පරදවන්න ඡන්දය පාවිච්චි කරන සෑම වාරයක් පාසාම හෙට දවසේ රටත් ඔබත් අගාධයට වැටුණු විට ඉන් මුදවා ගැනීමට අමතක නොකර වෙන කෙනෙකු කල් ඇතුව හොයලා තියාගන්න.

මොකද අද මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න කිසි කෙනෙක් ඔබත්, රටත් විපතට වැටුණු වෙලාවේ ඔබේ පිළිසරණට ආපු අය නොවන නිසා.’


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT