Local

මැතිවරණ ගැසට්ටුව තීරණාත්මක තැනකට.. 14 දිනය යෙදීම ගැන ම.කො.ගෙන් වාර්තාවක් කැදවයි..

Wednesday, 30 October 2024 - 11:44 am

පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමට දින නියම කර ආකාරය ඇතුලු එම මැතිවරණයට අදාළව මෙතෙක් කර ඇති සියලු කටයුතු වලට අදාළව පූර්ණ වාර්තාවක් මැතිවරණ කොමිසම විසින් නීතිපතිවරයාට භාරදී ඇත.

ඒ නීතිපති දෙපාර්තමේන්තු විසින් අදාළ තොරතුරු ලබා ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාවට පසුගියදා කල දැනුම්දීම අනුවයි.

නීතිපතිවරයා විසින් මෙම වාර්තාව පදනම් කරගෙන එළඹන 04 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වීමටද නියමිතව ඇත.

නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට ගෙන ඇති තීරණය ව්‍යවස්ථා විරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

මහ මැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කර ඇති ගැසට් නිවේදනය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවට පෙත්සම්කරු කියා සිටී.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT