Local

ආනන්ද – නාලන්දා 94වැනි සුලෝහිත සංග්‍රාමය නැරඹීමට ජනපති එක් වෙයි

Monday, 04 March 2024 - 4:02 pm

දිවයිනේ ප්‍රමුඛතම බෞද්ධ පිරිමි පාසල් ද්විත්වයක් වන ආනන්ද සහ නාලන්දා විද්‍යාල අතර කොළඹ SSC පිටියේ දී පැවැත්වෙන 94 වැනි “සුලෝහිත සංග්‍රාමය” වාර්ෂික මහා ක්‍රිකට් තරඟය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ (03) පස්වරුවේ එක් විය.

දිවංගත ආචාර්ය එන්. එම්. පෙරේරා අනුස්මරණ අභියෝග ශූරතා කුසලානය වෙනුවෙන් “සුලෝහිත සංග්‍රාමය” මහා ක්‍රිකට් තරඟය මෙවරත් උත්කර්ෂවත්ව පැවැත්වෙන අතර එහි අවසන් දිනය අදයි.

සිසුන් දිරිමත් කරමින් තරගය නැරඹීමට එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරගය නැරඹීමට පැමිණ සිටි පිරිස සමඟ ද සුහද කථා බහක නිරත විය.

ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක සහ නාලන්දා විද්‍යාලයේ විදුහල්පති ඉරාන් චමිපික ද සිල්වා යන මහත්වරුන් විසින් ජනාධිපතිවරයා වෙත සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.
හිටපු කථානායක කරු ජයසූරිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT