Local

රනිල්-බැසිල් තරහ වුනේ ඇමතිකමක් ඉල්ලලයි..- නාමල්

Monday, 05 August 2024 - 1:17 am

බැසිල් රාජපක්ෂ මහතා එස්.එම් චන්ද්‍රසේන මහතා වෙනුවන් කොන්දේසි විරහිත පෙනී සිටි බවත් ඔහු වෙනුවෙන් ඔහු අපේක්ෂා කළ තනතුරු තානාන්තර ලබා දීම සඳහා කළ සටනේ ප්‍රතිඵලයක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර හිත් අමනාපයක් පවා ඇති වුන බවත් නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.
ඔහු මේ බව පැවසුවේ අනුරාධපුරයේ දී පොහොට්ටුවේ පාක්ෂික හමුවකින් අනතුරුව මාධ්‍යයට කරුණු දක්වමිනි.
‘එදා එස් එම් ඇමතිතුමා වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මැතිතුමා කොන්දේසි විරහිතව පෙනී සිටියා. බැසිල් රාජපක්ෂ මැතිතුමා සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතර යම් හිත් අමනාපයක් ඇතිවුනා නම් ඒ ඇති වීමට එක් හේතුවක් වුනේ එස්.එම් මැතිතුමාලට අවශ්‍ය තනතුරු තානාන්තර ලබා දෙන්න අපි සටන් කරපු එක.
අපේ හදවත සහ අපේ හිත පිරිසිදුයි… අපි උපරිම කළා. හැබැයි එතුමන්ලා අද ගන්න තීන්දුව එතුමන්ලාගේ තීන්දුවක්’ නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.
නැවත එන ඕනෑම කෙනෙකුට පක්ෂයේ දොර විවෘත බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ සැලුන්දොරෙන් පක්ෂයට එන්න මෙන්ම යන්නත් පුලුවන් බව නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.
හම්බන්තොටින් නාමල් රාජපක්ෂ මහතා ගියත් දෙවැනි පෙළක් ඉන්නවා හම්බන්තොට දිනන්න. අනුරාධපුරයත් එහෙමයි. පළමු පෙළ ගියොත් බොහොම ආසාවෙන් ඉන්නවා දෙවැනි පෙළක් වගකීම් අරන් පක්ෂය දිනවන්න. පක්ෂයේ යාන්ත්‍රණය බොහෝම ශක්තිමත්.



Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT