Local

කටුනායක ගුවන් තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සංගමයේ සභාපති ඇතුළු නායකයින් 28 දෙනෙකුට අනිවාර්ය නිවාඩු

Friday, 05 January 2024 - 3:49 pm

ගුවන්තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සංගමයේ සභාපති ඇතුළු උසස් නිලතල දැරූ නායකයින් 28 දෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීමට සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය පියවර ගෙන තිබෙනවා.

කටුනායක ගුවන්තොටුපොළ තුළ අලුතින් පිහිටවූ අදාළ වෘත්තීය සමිතියේ ලේකම්වරයා ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් සේවාවල නිරත ගුවන් සමාගම් වෙත එම ගුවන් සේවා කඩාකප්පල් කිරීමේ අරමුණින් ලිපි යවා ඇති බවත්, එසේ කිරීමට ඔවුන්ට නීත්‍යානුකූල සහ සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි සභාපතිවරයා සඳහන් කරන්නේ.

මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා වහාම බලපැවැත්වෙන පරිදි ඉහත පිරිස අනිවාර්ය නිවාඩු ගැන්වීමටත්, එමෙන්ම පරීක්ෂණ අවසන් වන තෙක් ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගමේ කිසිදු පරිශ්‍රයක් වෙත ඇතුළුවීම තහනම් කිරීමටත් පියවර ගෙන තිබෙනවා.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT