ජනාධිපතිවරණයේදී එක් ඡන්ද දායකයකු වෙනුවෙන් අපේක්‍ෂකයෙකුට වියදම් කිරීමට හැකි මුදලන් ශත 50ක් හා රුපියල් තුන්සීයක් අතර මුදල් ප‍්‍රමාණ වලින් දේශපාලන පක්ෂ ලේකම්වරු විසින් මැතිවරණ කොමිෂමට යෝජනා ඉදිරිපත් කර තිබේ.
දේශපාලන පක්ෂවල ලේකම්වරුන් මැතිවරණ කොමිෂන් සභාව සමග පැවති සාකච්ඡාවේදී මෙම මුදල් ප‍්‍රමාණයන් යෝජනා කර ඇත.
මෙරට මිලියන 15ක් ඉක්මවූ ඡන්ද දායකයන් වෙනුවෙන් එක් ඡන්ද දායකයෙකුට වියදම් කිරීමට එක් එක් පක්ෂය විසින් අපේක්ෂා කරන මුදල මැතිවරණ කොමිසමට යෝජනා කර ඇත්තේ මෙසේය.
රනිල් වික‍්‍රමසිංහ – රුපියල් 250
සජිත් පේ‍්‍රමදාස – රුපියල් 250
අනුර දිසානායක – රුපියල් 200
නාමල් රාජපක්‍ෂ – රුපියල් 300
විජයදාස රාජපක්ෂ – රුපියල් 20