Local

දඹුල්ලේදී ‍මතීෂගේ වේගය ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

Sunday, 18 February 2024 - 12:43 pm

ඇෆ්ගනිස්තානය සමග පැවති පළමු 20-20 ක්‍රිකට් තරගය, ලකුණු 4 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ(17) සමත් විය.

රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති පළමු 20-20 තරගය මෙයවේ.

වසර 6 කට පසුව රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවති ජාත්‍යන්තර ක්‍රිකට් තරගය නැරඹීමට විශාල ප්‍රේක්‍ෂක පිරිසක් පැමිණ සිටියේය. තරගයේ කාසියේ වාසිය දිනාගත්තේ, ඇෆ්ගනිස්තාන කණ්ඩායමයි. ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන්නේය.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ, කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකයි. පැතුම් ලකුණු 6 කටත්, කුසල් ලකුණු 10 කටත් දැවී ගියේය. ධනංජය ද සිල්වා ලකුණු 24 යි. සධීර සමරවික්‍රම ලකුණු 25 කට දැවී ගියේය.

වැඩිම ලකුණු ලාභියා වෙමින්, නායක වනිඳු හසරංග පන්දු 32 කදී ලකුණු 67 ක් රැස්කළේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 7 ක් සහ හයේ පහර 3 ක් ඇතුළත්. වනිඳු වාර්තා කළේ තම දෙවැනි 20-20 අර්ධ ශතකයයි. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 19 කදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 160 ක් රැස්කළා. පන්දු යැවීමේදී ෆසාල් හක් ෆරුකි, කඩුලු 3 ක් බිඳහෙළීය.

තරගය ජයගැනීමට ලකුණු 161 ක ඉලක්කයක් සමග ඇෆ්ගනිස්තානය ඉනිම ආරම්භ කළේ ඊබ්‍රහිම් සාඩ්‍රන් සහ රහමනුල්ලා ගුර්බාස් ය. ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 25 ක් වනවිට, ගුර්බාස් ලකුණු 13 කට දැවී ගියේය.

ගුල්බඩීන් නයිබ් ලකුණු 16 ක් රැස්කළ අතර කරීම් ජානට් ලකුණු 20 යි. ඊබ්‍රහිම් සාඩ්‍රන් එක් අන්තයකින් තම කඩුල්ල ආරක්‍ෂා කරගනිමින් ඇෆ්ගනිස්තානය තරගය ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සාහ කළ ද ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඊට අවස්ථාව ලබාදුන්නේ නැත.

ඒ අනුව ඇෆ්ගනිස්තානයට පන්දු වාර 20 ක් තුළ කඩුලු 9 ක් දැවී රැස් කිරීමට හැකිවුණේ ලකුණු 156 ක් පමණි. නායක ඊබ්‍රහිම් සාඩ්‍රන් නොදැවී ලකුණු 67 යි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ ලකුණු 24 ට කඩුලු 4 ක් දවාගත්තේය.

දසුන් ශානක කඩුලු 2 යි.

තරගයේ වීරයා, මතීෂ පතිරණ වේ.


Top Stories
wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT