Local

අසාධාරණ වෘත්තීය ක්‍රියාමාර්ග තරයේ හෙළා දකිනවා

Saturday, 17 February 2024 - 1:38 pm

  • මහජන නියෝජිතයන්ට චෝදනා කළ පමණින් රටක් ඉදිරියට ගෙන යෑමට නොහැකියි – විවෘත සහ වගකිව යුතු රජයක් සඳහා වූ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ජගත් කුමාර සුමිත්‍රාආරච්චි.

ආර්ථික දුෂ්කරතා පැවැතියද රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් 10,000ක ජීවන වියදම් දීමනාවක් ලබාදීමට රජය කටයුතු කර ඇති පසුබිමක සෞඛ්‍ය වෘත්තීය සමිති රෝගීන්ගේ ජීවිත පීඩාවට පත් කරන ආකාරයෙන් වර්ජන දියත් කිරීම මේ අවස්ථාවේ සිදු නොවිය යුත්තක් බව විවෘත සහ වගකිව යුතු රජයක් සඳහා වූ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් කුමාර සුමිත්‍රාආරච්චි පැවසීය.

පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයන්ට චෝදනා කළ පමණින් රට ඉදිරියට ගෙනයෑමට නොහැකි බවත් රාජ්‍ය නිලධාරීන් ද කාර්යක්ෂමව වගවීමකින් යුතුව ජනතාවට සේවය සැපයීමට බැඳී සිටින බවත් මන්ත්‍රිවරයා සඳහන කළේය.

විවෘත සහ වගකිව යුතු රජයක් සඳහා වූ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා මෙසේ ද පැවසීය,

රාජ්‍ය ආයතනවල වගකිවයුතු බහුතරයක් නිලධාරීන් මහජනතාවට ඉතා හොඳින් සේවය සැපයීම සිදු කරනවා. නමුත් ඇතැම් නිලධාරීන් පිරිසක් මහජනතාවට සේවය සැපයීමේ දී අකාර්යක්ෂමව වගවීමකින් තොරව කටයුතු කරන බව අපට පෙනී ගොස් තිබෙනවා.

ජනතාවට ලබාදිය යුතු සේවා පහසුකම් නිවැරදි ලෙස ක්‍රියාත්මක නොවීමේ තත්ත්වයක්ද අපට පෙනී ගොස් තිබෙනවා. ඇතැම් අවස්ථාවල රාජ්‍ය සේවයේ පත්කිරීම් සහ මාරුකීරීම් සම්බන්ධයෙන් ප්‍රමාද වීම් සිදුව ඇත්තේද නිලධාරීන්ගේ අකාර්යක්ෂම භාවයෙන් බව කිව යුතුයි.

ඔවුන් විසින් දේශපාලන අධිකාරියේ වැරදි ඇති බවට ප්‍රකාශ කළ ද ඇතැම් රාජ්‍ය අංශයේ ඉහළ නිලධාරීන් කටයුතු කරන්නේ කිසිදු වගවීමකින් තොරවයි. දේශපාලනඥයන්ට චෝදනා කළ පමණින් රට ඉදිරියට ගෙනියන්න බැහැ. රාජ්‍ය නිලධාරීන්ට පෞද්ගලික අභිමතය පරිදි වැඩ කරන්න බැහැ.

ඒ වගේම ඇතැම් නිලධාරීන් තමන්ට වගවීමක් නොමැති බව පවසමින් පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා ඉදිරියට පැමිණීම ද ප්‍රතික්ෂේප කළ අවස්ථා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම ප්‍රකාශ කර ඇත්තේ, ස්වාධීන කොමිෂන් සභා පාර්ලිමේන්තුවට වගකිව යුතු බවයි. එවැනි තත්ත්වයක් තුළ මහජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම් බොහෝදුරට මගහැරී ගොස් තිබෙනවා.

වඩාත් හොඳ කාර්ය සාධනයක් ඇති කිරීමට රාජ්‍ය සේවයේ විනිවිධ භාවයක් මෙන්ම විවෘත භාවයක් ඇති කළ යුතුයි.

පවතින මෙම තත්ත්වය වළක්වා ගැනීමට එළඹෙන 19 වැනිදා කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ජනතාවට සමීපව සේවය කරන නිලධාරීන් සඳහා විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට අප කටයුතු යොදා තිබෙනවා. එහිදී ජනාතාවට කාර්යක්ෂම හා සුහදශීලී සේවයක් සිදු කළ යුත්තේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීමට නියමිතයි.

එමෙන්ම ර‍ජය ආරථික දුෂ්කරතාවන් පවතින මේ කාලයේත් රාජ්‍ය සේවකයන්ට රුපියල් 10000කින් වැටුප් ඉහළ දැමීම අගය කළ යුතුයි. නමුත් මහජනතාව පීඩාවට පත් කරමින් සිදු කරන වර්ජන කිසි ලෙසවත් අනුමත කිරීමට නොහැකියි. වෘත්තීය සමිති නායකයකු ලෙස එවැනි ක්‍රියාමාර්ග තරයේ ප්‍රතික්ෂේප කරනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT