Local

ශ්‍රී ලංකාවේ වන විනාශය වැඩි වෙලා

Wednesday, 31 January 2024 - 6:47 pm

සෙංගමුව වන විනාශය සම්බන්ධයෙන් සහ වර්තමානයේ එම ප්‍රදේශයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡාවට ලක් විය.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (24) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දක්වමින් ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති අජිත් මාන්නප්පෙරුම මහතා සඳහන් කළේ ඕනෑම රටක පවතින බිම් ප්‍රමාණයෙන් තුනෙන් එකක් වනාන්තර පැවතිය යුතු බවත් ශ්‍රී ලංකාව තුළ නිශ්චිතවම පවතින වනාන්තර සංඛ්‍යාව හඳුනාගෙන ඇත්ද යන්න සම්බන්ධයෙන් ගැටලු පවතින බවත් ය. එසේම වර්තමානය වන විට වන විනාශය වැඩි වී තිබෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

රක්ෂිතයේ ඉඩම් අල්ලා ගැනීමට නීති විරෝධී බලපත්‍ර නිකුත්වන බවට ගරු තිලක් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ අතර ඒ සම්බන්ධව පැහැදිලි කිරීමක් සිදුකරමින් නිලධාරීන් ප්‍රකාශ කර සිටියේ නැගෙනහිර පළාත් සභාව විසින් අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන්ට අමතරව ඉඩම් නිලධාරීන්ට ද බලපත්‍ර අත්සන් කිරීමට අවසර ලබා දුන් බවත් එය මෙලෙස නීති විරෝධී බලපත්‍ර නිකුත් කිරීමට අනිසි ලෙස ප්‍රයෝජනයට ගෙන ඇති බවත් ය. ඒ අනුව, නීති විරෝධී බලපත්‍ර නම්කොට ඊළඟ කමිටු වාරයේදී වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු අජිත් මාන්නප්පෙරුම මහතා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නිර්දේශ කළේය.

මෙහිදී අම්පාර දිසා වන නිලධාරී ආර්.එම්. විජේපාල මහතා ප්‍රකාශ කර සිටියේ හෙක්ටයාර 806ක් ලෙසට සෙංගමුව වනාන්තරයෙන් රක්ෂිත වනාන්තරය ලෙසට ගැසට් කිරීමට ප්‍රාදේශීය ලේකම්ට නිර්දේශ කර ඇති බවයි. එසේම මෙම වනාන්තරයේ මායිම් යොදා ඇති බව ප්‍රකාශ කළ අතර එසේ වුවත් වනාන්තරය එළි කිරීම දිගින් දිගටම සිදුවන බැවින් ඒ සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් නිලධාරීහු ප්‍රකාශ කළහ.

ඒ අනුව සෙංගමුව වනාන්තරය පිළිබඳ කොටස් තුනක් ඔස්සේ කමිටුවේ සාකච්ඡාවට ලක්විය. ඉන් පළමුවැන්න භූමි පරිහරණයට අදාළ කොටස මායිම් කණු සිටුවා ඉතිරි භූමිය රක්ෂිතය බවට පත් කිරීම, දෙවැන්න මෙම වනාන්තරයේ ඇතුළත රක්ෂිතය බවට පත්කරන කොටසේ ජීවත්වන ජනතාව ඉවත්කොට එම භූමිය ලබා ගැනීමට කටයුතු කිරීම හා තෙවැන්න ලෙස දැනට විනාශ වෙමින් පවතින කොටස ආරක්ෂා කිරීමට ගත යුතු පියවර පිළිබඳ සලකා බැලීමයි.

සෙංගමුව වන විනාශය නතර කිරීම සඳහා ක්‍රියාමාර්ග කිහිපයක් අවසානයේ කමිටුව විසින් තීරණය කළ අතර මෙහිදී වනාන්තර එළිකිරීම පිළිබඳ නිරීක්ෂණයට ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගැනීමට හැකිවන ලෙස නව නිර්දේශයක් චක්‍රලේඛනය තුළට ඇතුළත් කොට එය කමිටුවට භාරදීමට කටයුතු කරන ලෙසට කමිටු සභාපති අජිත් මාන්නප්පෙරුම මහතා නිර්දේශ කළේය.

එසේම ආංශික අධීක්ෂණ කාරක සභාවට කාරක සභා සාමාජික සී.බී රත්නායක මහතාගෙන් ලද යෝජනාවකට අනුව විල්මුවා සහ එම සත්ව කොට්ඨාසය සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් ද ආංශික අධීක්ෂණ කමිටුවේ අවධානය යොමු වූ අතර මෙහිදී කරුණු දක්වමින් විශේෂඥයන් ප්‍රකාශ කළේ මෙම මුව විශේෂය දැඩිව වඳවී යාමේ තර්ජනයට ලක්ව නොමැති බවත්, මොවුන් මාංශ ලෙස ලබා ගැනීමේ තර්ජනයක් පවතින බැවින් පවතින ගහණයේ අඩුවීමක් ඇති වුවත් මෙම මුව විශේෂය සීඝ්‍ර වශයෙන් බෝවීමේ හැකියාවක් පවතින විශේෂයක් බවත්ය. ඒ අනුව, දැනට මෙම සත්ව කොට්ඨාශයට පවතින තර්ජනය අවම කිරීමට ජනතාව දැනුවත් කිරීමට පියවර ගැනීම, මෙම මුව විශේෂය ජීවත්වන ප්‍රදේශය සිතියම්ගත කිරීම හා මෙම මුව විශේෂය ස්ථානීය හා පරිබාහිරව සංරක්ෂණය පිළිබඳ අවධානය යොමු කිරීමට සාකච්ඡා විය.

මීට අමතරව රතු දත්ත පොතේ වඳ වී යාමට ලක්ව ඇති ශ්‍රී ලාංකීය වන සතුන් පිළිබඳව තවදුරටත් සොයා බලා එම සතුන් ආරක්ෂා කිරීම සම්බන්ධවෙන් නිසි පියවර ගැනීමට ද මේ සම්බන්ධයෙන් ඉදිරි කාරක සභා රැස්වීමකදී සාකච්ඡා කිරීමට ද කමිටුව අවසානයේදී තීරණය කරන ලදි.

මෙම කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයන්ත සමරවීර, තුෂාර ඉඳුනිල් අමරසේන සහ (වෛද්‍ය) තිලක් රාජපක්ෂ යන මහත්වරුන් ද සහභාගී වුහ.

 

 
 
 
 


Top Stories
wedivistara

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද වැසි

wedivistara

ජපාන, දකුණු අප්‍රිකා, ස්විට්සර්ලන්ත තානාපතිවරු හා ජාතික ජන බලවේගය අතර හමුවක්

wedivistara

එදා අරලියගහ මන්දිරයට ආපු කිසි කෙනෙක්ගෙ අතේ ආයුධයක් තිබුනෙ නෑ - මහින්ද කහඳගම

wedivistara

මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

wedivistara

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී 20 වනදා දක්වා රිමාන්ඩ්

wedivistara

අනුර කුමාර දිසානායක හා UN නේවාසික සම්බන්ධීකාරක අතර හමුවක්

Trending
wedivistara

සාමාන්‍ය පෙළ අයදුම්කරුවන් 10,000කට අයදුම් නොකළ විෂයක් සහිත විභාග ප්‍රවේශපත් ලැබෙයි

wedivistara

එක්සත් අරාබි එමීරයේ ශ්‍රී ලාංකික සිරකරුවන් 44 දෙනෙකුට රාජකීය සමාව

wedivistara

Foxhill අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් හා තුවාල ලැබූවන්ට වන්දි

wedivistara

2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් වෙයි

wedivistara

විදුලි පේනුවක් අලුත්වැඩියා කරමින් සිටි තිදරු පියා විදුලිසර වැදී මරුට

wedivistara

අද ජාතික ජන බලවේගය සැදී පැහැදී ඉන්​නේ ලංකාවේ විශාලතම දේශපාලන පිම්ම පනින්න - අනු​ර


NEWS ALERT