Local

මං අගමැති වෙලා ජනපති අනුර එක්ක IMF ගිවිසුම වෙනස් කරනවා..

Wednesday, 23 October 2024 - 7:43 pm

මහ මැතිවරණයේදී සමගි ජන සන්ධානයට බහුතර ආසන සංඛ්‍යාවක් ලැබෙන්නේ නම් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග එක්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර, එම ගිවිසුම වෙනස් කිරීමට කටයුතු කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කොළඹ පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

”නුපන් දරුවාගේ ඉඳලා, ගර්භිණීය අම්මගේ ඉඳලා, ළදරු පරපුරේ සිට වැඩිහිටි, තරුණ ජන සමාජයේ සියලුම දෙනා ලොකුම ලොකු හානියක් සිදු කරන බදු සූත්‍රයක් අද මේ රටේ ක්‍රියාත්මක වෙනවා. ඒකට වගකියන්න ඕනි හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව. ඒ අයට හැකියාව තිබුණා ජනතාවගේ පැත්තෙන් හිතලා ජනතාවගේ කර මත අසීමිත බරක් පටවන්නේ නැති ජනතාවාදී වැඩපිළිවෙළකට ප්‍රවේශ වෙන්න. එහෙම කළේ නෑ. සීමාවෙනුත් එහා ගිහින් වැඩිපුර බදු බර පටවලා, රජයට ලැබෙන ආදායම වැඩි කර ගන්නට එවකට රජය කටයුතු කළා.

දැන් අපි වර්තමාන ජනාධිපතිතුමාට උදව් කරනපි පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරු ප්‍රමාණයක් අපි ලබා ගන්න කොට අයි.එම්.එෆ් චකත් සමග සාකච්ඡා කරලා මේ ගිවිසුම වෙනස් කර ගන්න ඒ මොකද අපිට බලපෑම් කරන්න පුළුවන් අයි.එම්.එෆ්. අපි මේ වෙනස ඇති කරන්න කියන්නේ ජනතාව වරමත් එක්ක. ජනතාවගේ අනුමැතියත් එක්ක.

ජනතාවගේ ආශීර්වාදයත් එක්ක. ඒ නිසා හිතවත් ඔබ සියලු දෙනාටම කියන්න කැමතියි. මේ පීඩනකාර් ජීවිතය ඔබටත් රටේ ජනතාවටත් උහුලන්න බෑ.”


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT