Local

හම්බන්තොට රෝහලේ නිර්වින්දන දොස්තර මැඩම් රට පැනලා

Sunday, 17 March 2024 - 8:05 am

හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට අනුයුක්තව සේවය කරන ලද වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍ය නිලධාරිනී අයි. ජී. ගගනී ප්‍රදීනන්දිස් නොදන්වා රටින් පිටව ගොස් රෝහල් අධ්‍යක්ෂ වෙත වට්ස්ඇප් පණිවුඩයක් මගින් දන්වා ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

රට හැර යෑමට පෙර අදාළ වෛද්‍යවරිය 2024.03.12 සිට 2024.03.16 දක්වා නිවාඩු ඉල්ලුම් පත්‍රයක් මගින් අනියම් නිවාඩු අනුමත කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුව 2024.03.13 වැනිදා මෙම වෛද්‍ය නිලධාරිනිය රෝහල් අධ්‍යක්ෂ වෙත වට්ස්ඇප් පණිවුඩයක් මගින් තමන් විදෙස්ගත වූ බව දන්වා තිබෙනවා.

එමෙන්ම එම වෛද්‍යවරියගේ කිසිදු පෞද්ගලික ලිපිගොනුවක් හම්බන්තොට මහ රෝහල සතුව නොමැති බවත්, කිසිදු විදෙස් නිවාඩුවක් අනුමත කර ගැනීමක් හෝ නිවාඩු අනුමත කර ගැනීමට අයැදුම්පතක් රෝහල් අධ්‍යක්ෂ වෙත යොමු කිරීමක් කර නොමැති බවත් සඳහන් වී තිබෙනවා.

හම්බන්තොට රෝහලේ ශල්‍යාගාර 5ක් සහ දැඩිසත්කාර ඒකක 2 ක් ක්‍රියාත්මකයි.

එක් වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයකුගෙන් පමණක් එය සිදු කර නොහැකි බවත් කඩිනමින් නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයකු ලබා දීමට කටයුතු කරන ලෙසත් රෝහල් අධ්‍යක්‍ෂ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට යැවූ එම ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම මේ වන විට හම්බන්තොට මහ රෝහලේ වෛද්‍යවරුන් විශාල පිරිසක් විදේශගතව ඇති බව සඳහන්.

මේ පිළිබඳ හම්බන්තොට මහ රෝහලේ සෙසු වෛද්‍යවරුන්ගෙන් කළ විමසීමකදී සඳහන් කළේ දිනකට රෝගීන් 1500කට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබන හම්බන්තොට මහ රෝහලේ සියලු අංශ කඩා වැටීමට පෙර බලධාරීන්ගේ නෙත යොමුවී, වෛද්‍යවරුන් විදේශගත වීම වැළැක්වීමට කඩිනමින් පියවර ගත යුතු බවයි.

 


Top Stories
wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT