Local

මාධ්‍ය මර්ධනයට ගෙන එන නව පනත් කෙටුම්පත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නෑ - එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන්

Sunday, 26 November 2023 - 2:20 pm

විකාශන නියාමන අධිකාරී කෙටුම්පත සහ යෝජිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කෙටුම්පත යන පනත් කෙටුම්පත් දෙක ජාත්‍යන්තර ප්‍රමිතීන්ට හා නීතීන්ට අනුකූල නොවන බවට හැඟීයන බව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරුන් තිදෙනෙකු පවසනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතීන් ආරක්ෂා කිරීමේ හා ප්‍රවර්ධනය කිරීමේ විශේෂ නියෝජිත අයිරීන් ඛාන්, සාමකාමීව රැස්වීම සහ කටයුතු කිරීමේ අයිතීන් ආරක්ෂා කිරීමේ විශේෂ නියෝජිත ක්ලෙමන්ට් වූල් සහ පෞද්ගලිකත්වයට ඇති අයිතිය පිළිබඳ විශේෂ නියෝජිත ආනා බ්‍රයන් යන තිදෙනා විසින් මෙම ප්‍රකාශය සිදුකර තිබෙනවා.

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය විසින් ආරක්ෂා කරන පෞද්ගලිකත්වයට ඇති අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය හා සාමකාමීව රැස්වී කටයුතු කිරීමට ඇති අයිතිය මෙම යෝජිත කෙටුම්පත් දෙකෙන් උල්ලංඝණය වන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ මෙම පනත් කෙටුම්පත් දෙකම ඉවත් කර ගැනීමට හෝ මහජන අදහස් විමසා නිසි ලෙස සමාලෝචනය කිරීමට පියවර ගත යුතු බවයි. 


Top Stories
wedivistara

රන් මිල පහළට

wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

කෙහෙළියගේ දියණිය බන්ධනාගාර භාරයෙන් මුදා හැරේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

හදිසි පරික්ෂාවකින් පසු, ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට

Trending
wedivistara

ඊශ්‍රායලයේ සිටින ඥාතීන් ගැන තොරතුරු විමසීම ගැන දැනුම්දීමක්

wedivistara

IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකාව අද දිවයිනට

wedivistara

තමිල්නාඩු - කන්කසන්තුරේ මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතී

wedivistara

ප්‍රංශ තානාපති ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවෙයි

wedivistara

ඊශ්‍රායලය සහ ඉරානය අතර ඉක්මනින් සාමය ඇති කරගනු ඇති බව අමරිකානු ජනාධිපති ට්‍රම්ප් කියයි

wedivistara

ඉරාන ඇමරිකා හෙට සාකච්ඡාව ගැන තවමත් අවසන් තීරණයක් නැහැ


NEWS ALERT