Local

සත්ත්ව සංගණනයෙන් බලාපොරොත්තු වෙන්නේ වගාවට හානි කරන ගෘහස්ථ සතුන් හඳුනා ගැනීමයි - වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව

Wednesday, 05 March 2025 - 6:57 pm

සත්ත්ව සංගණනය හරහා සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ වගාවට හානි කරන ගෘහස්ථ සතුන් හඳුනා ගැනීම බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව සංගණනයට ලක් කරන රිලවා, වඳුරා, මොනරා සහ දඬුලේනා යන සත්ත්ව කාණ්ඩ රට තුළ කොපමණ සිටිනවාද යන්න එහිදී සංගණනය නොකරන බවයි එහි අධ්‍යක්ෂ (වනජීවී සෞඛ්‍ය) වෛද්‍ය තාරක ප්‍රසාද් රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ප්‍රකාශ කළේ.

මාර්තු 15 සංගණනයට පෙර පත්‍රිකාවක් ලබාදෙන බවත්, අදාළ පත්‍රිකාව තුළ එදින උදෑසන 8.00 - 8.05 අතර තම ගෙවත්තට හෝ වගා භූමියට පැමිණෙන අදාළ සත්ත්ව කාණ්ඩ 4 න් සතුන් කොපමණ ප්‍රමාණයක් සිටියේද යන්න එහි සටහන් කළ හැකි බවයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ලසන්ත සන්දික සඳහන් කළේ.

එම පත්‍රිකා 15 වැනිදා පිරවීමෙන් අනතුරුව, ග්‍රාම නිලධාරීවරයා විසින් යළි එම පත්‍රිකා එකතු කර ගැනීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT