Local

රත්නපුර දිස්ත්‍රික්කයට රු.මි. 1200ක් ඉක්මවූ වාරි ප්‍රතිසංස්කරණ වැඩසටහනක්

Friday, 19 January 2024 - 7:35 pm

රත්නපුර දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 1200 ක වාරි ප්‍රතිසංස්කරණ  වැඩසටහනක්  ආරම්භ කර  ඇතිබව  වාරිමාර්ග, වනජීවි සහ   වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය  ප්‍රකාශ කරයි.

අමාත්‍යවරිය මේ බව කියා සිටියේ අද (19)රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍යලයේ පැවැති  රත්නපුර දිස්ත්‍රික්  වාරිමාර්ග  ව්‍යාපෘති වල ප්‍රගතිය සම්බන්ධයෙන්  අදාළ ආයතන  ප්ප්‍රධානීන්  කැඳවා පැවැති  සාකච්ඡාවට එක් වෙමිනි.

වාරිමාර්ග  අමාත්‍යාංශය යටතේ පවතින ජලාධාර හා ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය, දේශගුණික අවබලපෑම් අවම කිරීමේ බහු අදියර වැඩසටහන, සහ  වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා මහවැලි  අධිකාරිය යටතේ ක්‍රියාත්මක  වාරිමාර්ග  ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙහිදී  සාකච්ඡා කෙරිණි.

අදාළ  ව්‍යාපෘති  යටතේ  රත්නපුර දිස්ත්‍රික්කය සඳහා  රු.මි. 1200ක මූල්‍ය ප්‍රතිපාදන  වෙන් කිරීමට පියවර ගෙන තිබේ.

මෙම මූල්‍ය ප්‍රතිපාදන උපයෝගී කරගනිමින් රත්නපුර දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය, ඇලවේලි ප්‍රතිසංස්කරණය, වාරිපද්ධති දොරටු ප්‍රතිසංස්කරණය, කෘෂිකාර්මික මාර්ග පද්ධති ප්‍රතිසංස්කරණය, පානීය ජල අවශ්‍යතා සඳහා මෙන්ම, නියගයට ඔරොත්තුදීම සඳහා ද වශයෙන් හඳුනාගත් ව්‍යාපෘති බොහොමයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

මෙහිදී අදහස් දැක්වූ  අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ වාරිමාර්ග ව්‍යාපෘති  සඳහා  මුදල් වැය කිරීමේ දී  කිසිදු  මූල්‍ය අක්‍රමිකතාවක් සිදු නොවීමට නිලධාරීන් වග බලාගත යුතු බව යි.

ජනතාව මුහුණදෙන ආර්ථික අර්බුදය හමුවේ ඔවුන් ට  සහනයක් වනු පිණිස මෙම මුදල්  විනිවිද භාවයෙන් යුතුව  යොදවන ලෙස ද  අමාත්‍ය වරිය  නිලධාරීන් ට උපදෙස් දෙන ලදි.

මෙම  අවස්ථාව සඳහා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුදිතා ප්‍රියශාන්ති ද සොයිසා මහත්මිය, සබරගමුව පළාත් සභාවේ හිටපු අමාත්‍ය රංජිත් බණ්ඩාර මහතා, වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සමන් දර්ශන පාඬිකෝරාළ මහතා , රත්නපුර දිස්ත්‍රික් ලේකම්  වසන්ත ගුණරත්න මහතා,  වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු අජිත් ගුණසේකර මහතා, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සුනිල් පෙරේරා මහතා,  ඒකාබද්ධ ජලාධාර හා ජලසම්පත් කළමනාකරණ ව්‍යාපෘති අධ්‍යක්ෂ ලලිත් විජේරත්න මහතා , දේශගුණික අවබලපෑම් අවම කිරීමේ බහු අදියර වැඩසටහනේ ව්‍යාපෘති අධ්‍යක්ෂ බබන්දුල සිරිමල් මහතා ඇතුළු   නිලධාරීහූ  සහභාගී වී සිටියහ


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT