උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ගෙලිඔය සහ ගම්පොල සහ දෙමෝදර සහ හාලිඇල අතර පස්කඳු කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
එසේම කොළඹ සිට බදුල්ල දක්වා සහ බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රියන්ද අවලංගු වීමක් සිදු නොවන අතර කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට රාත්රී තැපැල් දුම්රිය ධාවනය වන වේලාවට වෙනත් දුම්රියක් ද , බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන රාත්රී තැපැල් දුම්රිය අද දින ඇල්ල දුම්රිය ස්ථානයෙන් වෙනත් බලවේග කට්ටියක් ද එම වේලාවන් වලට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.