International

ජකර්තා – බැන්ඩුං අධිවේගී දුම්රිය සාර්ථක දින 100ක් සපුරයි

Thursday, 25 January 2024 - 11:15 pm

ජකර්තා – බැන්ඩුං අධිවේගී දුම්රිය මාර්ගය දින 100 සපුරයි.

ඊයේ (24) වන විට ගෙවුණු දින 100 ක කාලය තුළ මගීන් 14 ලක්ෂ 50 000 ක් එහි ගමන් කර ඇති අතර, මගී ප්‍රවාහනය තවදුරටත් ඉහළ ප්‍රමිතියක පවතින බව සීමාසහිත චීන දුම්රිය මාර්ග ජාත්‍යන්තර සමාගම කියාසිටී.

ඉන්දුනීසියාවේ සමුද්‍ර හා ආයෝජන සම්බන්ධීකරණ නියෝජ්‍ය අමාත්‍ය Septian Hario Seto, චීනයේ ෂිංහුවා පුවත් ඒජන්සිය සමග ඊයේ (24)  පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී පෙන්වා දුන්නේ, ජකර්තා – බැන්ඩුං අධිවේගී දුම්රිය නගර දෙක අතර ප්‍රවාහනයේ විප්ලවීය වෙනසක් ඇති කළ බවයි. චීනය සමඟ සහයෝගීතා තවදුරටත් පුළුල් කිරීමට ඉන්දුනීසියාව බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය. මෙම අධිවේගී දුම්රිය සහයෝගීතා තුළින් ඉන්දුනීසියාවට බොහෝ ප්‍රතිලාභ හිමිව තිබේ. රටට දියුණු තාක්ෂණය හඳුන්වා දීම පමණක් නොව, දැනුම හුවමාරු කිරීමෙන් මානව ප්‍රාග්ධනය ද එහිදී වැඩිදියුණු කෙරුණු බව, Septian Hario Seto මහතා පැවසීය.

මෙම අධිවේගී දුම්රිය ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර සහ සුප්‍රසිද්ධ බැන්ඩුං සංචාරක නගරය සම්බන්ධ කරන අතර, උපරිම වේගය පැයට කිලෝමීටර් 350 කි. නගර දෙක අතර පැවති පැය 3 ක ගමන් කාලය විනාඩි 46 ක් දක්වා අඩු කර තිබීම විශේෂත්වයකි.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT