රාජ්‍ය වැවිලි සංස්ථාව සතු අතිරික්ත ඉඩම් පෞද්ගලික අංශයට පැවරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
එලෙස පැවරිය යුතු ඉඩම් මොනවාද, ඒවා පැවරිය යුත්තේ කුමන ක්‍රමවේදය යටතේද යන්න එම කමිටුව මගින් සොයා බැලෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
මෙහිදී කිසිසේත්ම ඉඩම් විකිණීමක් සිදු නොවන බවත්, ඉඩම් බදු දීම පමණක් සිදුවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.