හිමිකරුවන් නොමැති වාහන 18 ක් සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
ජනතාව විසින් ඒ පිළිබඳ දැනුම්දී තිබේ.
සිදුකළ සොයා බැලීමේදී එම තොරතුරු සත්‍ය බවට අනාවරණ වී ඇතිබව පැවසීය.
මෙම වාහන සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පැවසීය.
ඉදිරියේදී අවශ්‍යතාව පරිදි අනෙකුත් සියලු අංශවල සහයෝගය ලබා ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.