Local

2023/24 මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය

Tuesday, 30 January 2024 - 9:38 pm

2023/24 මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා සහනදායී පොලී අනුපාතයක් යටතේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබේ.

ඒ් අනුව පසුගිය වර්ෂ 5ක මහ කන්නවලදී එක් එක් දිස්ත්‍රික්කයේ සාමාන්‍ය නිෂ්පාදනය පාදක කර ගනිමින් ණය අරමුදල් වෙන් කරනු ඇත.යෝජිත ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් බිලියන 9ක ඔඩපණ ණය නිකුත් කිරීමට අපේක්ෂා කෙරේ.සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සඳහා උපරිම වශයෙන් රුපියල් මිලියන 50ක් ද වී ගබඩා හිමිකරුවන් සහ වී තොග රැස් කරන්නන් සඳහා උපරිම වශයෙන් රුපියල් මිලියන 25ක්ද වන පරිදි ණය මුදල් ලබා දෙනු ඇත.ණය ආපසු ගෙවීමේ කාලසීමාව දින 180ක් වේ.සියයට 15ක් වන වාර්ෂික පොලී අනුපාතයෙන් සියයට 4ක් මහා භාණ්ඩාගාරය දරනු ලැබේ.

ඒ අනුව යෝජිත වී මිලදී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

 
 
 
 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT