Local

ලිත්‍රො ගෑස් ටෙන්ඩරයේ අවුලක්…

Wednesday, 09 October 2024 - 10:05 pm

තරගකාරී ලංසුවක් ඉදිරිපත් කළ ද තම සමාගම විසින් ඉදිරිපත් කළ 2025 වසර සඳහා ගෑස් සැපයුම් ටෙන්ඩරය තාක්ෂණික කරුණු මත බව පවසමින් විවෘත කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ලංසුකාර සමාගම විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රසම්පාදන කමිටු සභාපතිවරයා වෙත ලිඛිතව දන්වා ඇති බව වාර්තා වේ.

තායිලන්තයේ සියම් ගෑස් සමාගම මෙම ටෙන්ඩරය සඳහා සියලු ම තාක්ෂණික සුදුසුකම් සපුරා තිබියදී සම්බන්ධයෙන් ගෑස් ප්‍රවාහන නෞකා සම්බන්ධයෙන් වන තාක්ෂණික පිරිවිතර නොගැළපෙන බවට සඳහන් කරමින් මෙම ටෙන්ඩරය විවෘත කිරීමකින් තොරව ප්‍රතික්ෂේප කර ඇති බවට එම සමාගම චෝදනා කරමින් මෙම ලිපිය මගින් පැමිණිලි කර ඇත.

රජයට අයත් ලිට්‍රෝ ගෑස් සමාගම් හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වූ කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ප්‍රසම්පාදන කමිටුව 2025 වසර සඳහා ද ගෑස් මෙට්‍රික් ටොන් 350,000ක් සැපයීම සඳහා වූ ටෙන්ඩරය පෙර සැපයුම්කරුවාට ම ලබා දීමට උත්සාහ දරන බවට වාර්තා වේ.

සියම් ගෑස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුපචි විරබෝවොපොන්ග් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යවා ඇති ලිපිය මගින් සියලු තාක්ෂණික සුදුසුකම් සපුරා ඇති ජාත්‍යන්තර තලයේ සමාගමක් වන සමාගමේ ටෙන්ඩරය ද විවෘත කොට එහි මිල ගණන් සම්බන්ධයෙන් සලකා බැලීමට කටයුතු කරන ලෙස ය.

කරන ලද අභියාචනය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ජනපති කාර්යාලය විසින් අදාළ බලධාරීන් කැඳවා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT