Local

ජනාධිපතිවරයාට ඇත්තේ රට ගොඩ ගැනීමේ ඉලක්කයක්- සංචාරක අමාත්‍ය

Thursday, 23 November 2023 - 2:20 pm

ජනාධිපතිවරයාට ඇත්තේ රට ගොඩ ගැනීමෙ ඉලක්කය බවත් සෑම අමාත්‍යංශයකම මන්ත්‍රීවරු සියයට 99ක් තම අමාත්‍යංශයන්හි කාර්යයන් ඉටු කර ඇතැයිද සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (22) ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අනිවාර්යයෙන් ම මේ රට ගොඩ දමන බවද හෙතෙම කීය.

2024 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් සංචාරක අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙවර අය වැය ගැනකතා කරනවාට වඩා මේ සභාව වැඩි පුර කතා කළේ ක්‍රිකට් ගැන බව හෙතෙම පෙන්වා දුන්නේය. වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,මිනිස්සු අපිව විවේඡනය කරනවා රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන්නා කියලා. මා ගත්තු තිරණය නිසා රටට වූ ප්‍රතිඵලය ගැන මනින්න. මීට මාස ගණනාවකට පෙර මේ රටේ මිනිස්සු ගෑස් සිලින්ඩරය ඔළුව උඩ තියන් හිටියේ. එය මේ රටේ මිනිස්සුන්ට මතක නැහැ. සති ගණනාවක් තෙල් නැතිව තෙල් පෝලිම් වල හිටියා. මිනිස්සුන්ට ඒව මතක නැහැ. නමුත් අද ක්‍රිකට් ගැන කතා කරනවා යැයි පැවසීය


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT