Local

ඡන්දෙ ඉවරවෙලා සති 2කින් සුබ ආරංචියක් - රනිල්

Thursday, 19 September 2024 - 9:34 am

සති දෙකක් තුළ රට නිල වශයෙන් බංකොලොත්භාවයෙන් මිදෙන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා අනාවරණ කරයි. 

අද (18) ගාල්ලේ පැවති ''රනිල්ට පුළුවන්'' ජන රැලිය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

'මම IMF සංවිධානයත්...ලෝක බැංකුවත්.. ආසියානු සංවර්ධන බැංකුවත් එක්ක සාකච්ඡා කළා. අපේ වගේ මධ්‍යම ආදායම් රටකට සුදුසු ගිවිසුමකට පැමිණියා. දැන් බංකොලොත්භාවය නැති කරන්න තුන්වැනි කණ්ඩායම සමගත් ගිවිසුමකට එළැඹිය යුතුයි. ඒ තමයි පුද්ගලික බැඳුම්කරුවන්. ඒ ගිවිසුමත් හෙට වෙනකොට අවසන් කරනවා. එහෙමනම් මම මේ ඡන්දෙට එන්නේ මූලික යුතුකම් ඉටු කරලා. මේ රටේ බංකොලොත්භාවය නැති කරන නිල තත්ත්වයට ඇවිත් තියෙන්නේ.'

'IMF අධ්‍යක්ෂකවරිය කිව්වා මේවා අපි මාරු කරන්නේ නැහැ කියලා. ඡන්දෙ ඉවරවෙලා සති දෙකකින් ඔවුන් එනවා මේ වැඩකටයුතු ඉවර කරන්න. එතකොට කියන්න යනවා බංකොලොත්භාවය අවසන් කියලා.'


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT