Local

රයිගම් ටෙලි සම්මාන උලෙළේ වසරේ සම්මානනීය නාළිකාව ITN

Monday, 01 April 2024 - 8:00 am

සම්මාන 22ක් හිමි කර ගනිමින් නාළිකාවකට හිමි වැඩිම සම්මාන ගණනත් ලබාගනී

නාළිකාවක් හිමි කරගත් වැඩිම සම්මාන ගොන්නට උරුමකම් කියමින් ස්වාධීන රූපවාහනි මාධ්‍ය ජාලය 20 වැනි රයිගම් සම්මාන උලෙළේ සමස්ත සම්මාන අතරින් සම්මාන 22ක් හිමි කර ගෙන වසරේ සම්මානනීය නාළිකව බවට පත් විය.

වසරේ සම්මානනීය ටෙලිනාට්‍ය නාලිකාව ලෙසද ස්වාධීන රූපවාහනිය සම්මානයට පාත්‍ර විය.

විසි වැනි රයිගම් සම්මාන උලෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී (30) රාත්‍රියේ පැවැත්විණි. රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති රවී ලියනගේගේ උපදේශකත්වයෙන් මෙය සංවිධාන කෙරිණි.

සම්මාන උලෙළ ආරම්භ කරමින් ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ කොඩි ගහ යට ටෙලිනාට්‍යයේ රංගනය වෙනුවෙන් ජූරියේ විශේෂ සම්මානය දිනා ගැනීමට තරින්දි ප්‍රනාන්දු සමත් වුවාය. ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ ‘එයා දැන් බැඳලා’ ටෙලිනාට්‍ය වෙනුවෙන් ප්‍රදීප් රාමවික්‍රම ද ජූරියේ විශේෂ සම්මානයෙන් පිදුම් ලැබීය.

එමෙන්ම විශිෂ්ටතම සංගීත වැඩසටහන ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ චලනි සිරිවර්ධන අධ්‍යක්ෂණය කළ ‘නුරා විත් කවර්ස් ක්ලබ්’ හිමිකරගත් අතර විශිෂ්ටතම සම්ප්‍රවේශක දෙමළ වසන්තම් ටීවී හි ඉර්ෆාන් මොහොමඩ්ට හිමි විය.

විශිෂ්ටතම ටෙලිනාට්‍ය අංග රචනය ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ ‘එයා දැන් බැඳලා’ ටෙලිනාට්‍යයේ අංගරචනා ශිල්පී ප්‍රේමලාල් ලියනගේ හිමිකර ගත් අතර විශිෂ්ටතම කැමරා අධ්‍යක්ෂණය ‘එයා දැන් බැදලා’ ටෙලිනාට්‍යයේ චන්දන ජයසිංහට හිමි විය.

විශිෂ්ටතම ටෙලිනාට්‍ය සංස්කරණය ‘එයා දැන් බැඳලා’ ටෙලිනාට්‍යයේ සංස්කරණ ශිල්පී රංගන සිංහාරගේ, විශිෂ්ටතම ටෙලි තිර රචනය ‘එයා දැන් බැඳලා’ ටෙලිනාට්‍යයේ තිර රචක ප්‍රසන්න ජයකොඩි, විශිෂ්ටතම සහාය නළුවා ‘එයා දැන් බැඳලා’ ටෙලිනාට්‍යයේ රංගනය වෙනුවෙන් සරත් කොතලාවලට හිමි විණි.

විශිෂ්ටතම ටෙලිනාට්‍ය සහාය නිළිය ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ ‘ජීවිතයේ එක් දවසක්’ ටෙලිනාට්‍යයේ රංගනය වෙනුවෙන් නයනතාරා වික්‍රමාරච්චිට හිමි වූ අතර විශිෂ්ටතම ටෙලිනාට්‍ය කලා අධ්‍යක්ෂණය ස්වාධීන රූපවාහිනියේ ‘කොඩි ගහ යට’ ටෙලිනාට්‍යයේ කලා අධ්‍යක්ෂණය වෙනුවෙන් හර්ෂ පෙරේරා සහ ලක්මාල් සඳරුවන් හිමිකර ගනු ලැබූහ.

විශිෂ්ටතම ටෙලි ගීත රචනය ‘කොඩි ගහ යට’ ටෙලිනාට්‍යයේ ඉරක් ගිහින් ගීතය රචනා කළ දිමුතු කාලිංගට හිමි වූ අතර විශිෂ්ටතම නැ‍ඟී එන නළුවා ‘කොඩි ගහ යට’ කලූගේ චරිතය රඟ පෑ නලීන් ලුසේනාට ද, විශිෂ්ටතම නැ‍ඟී එන නිළිය ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ ‘ෆෝ චූන් රෙසිඩන්සි’ ටෙලිනාට්‍යයේ රංගනයට එක්වූ ශයිනි නෙත්තිකුමාරි හිමිකර ගනු ලැබීය.

මෙවර රයිගම් සම්මාන උලෙළේ ජනගතම ටෙලිනාට්‍ය දෙවැනි ස්ථානයට හිමි සම්මානය දිනාගත්තේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘ජානු’ ටෙලිනාට්‍යයයි. වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය ලෙස සම්මාන දිනාගත්තේ ස්වාධීන රූපවාහිනියේ ‘ජානු’ ටෙලිනාට්‍යයි. වසරේ ජනගතම රූපවාහිනී නාලිකා පහ අතරට ස්වාධීන රූපවාහිනී නාලිකාව ද එක්ව තිබිණි. 20 වැනි රයිගම් සම්මාන උලෙළේ වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ලෙස සම්මාන දිනාගත්තේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ ‘එයා දැන් බැඳලා’ ටෙලිනාට්‍යයයි.

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය වෙනුවෙන් ‘එයා දැන් බැඳලා’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ ප්‍රසන්න ජයකොඩි සම්මාන හිමි කරගත් අතර වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නළුවා එම නාට්‍යයේ සිරීගේ චරිතය නිරූපනය කළ මහේන්ද්‍ර පෙරේරාට හිමි විය.

සේමිණි ඉද්දමල්ගොඩ වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිලිය ලෙස සම්මාන හිමිකර ගත්තාය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT