Local

උසස් පෙළ අධ්‍යාපනය අවසන් සිසුන් වෙනුවෙන් අලුත් වැඩසටහනක්

Monday, 22 January 2024 - 9:46 pm

තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂා දැනුම සහිතව වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් සහ න්‍යායාත්මක පෙරහුරුවක් සහිත වැඩසටහනක් පෙබරවාරි මාසයේ සිට මෙවර උසස් පෙළ හදාරා අවසන් කරන පාසල් සිසු සිසුවියන්ට ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අපොස උසස් පෙළ අධ්‍යාපනය අවසන් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම වෘත්තීය පුහුණු වැඩසටහන දිවයිනේ තෝරාගත් පාසල් 299ක දී ක්‍රියාවට නංවන බව ද අමාත්‍යවරයා පැවසී ය.

2024 ජනවාරි මස  අ.පො.ස  උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට 2024. 02 .09 දිනට පෙර මෙම වැඩසටහනට ලියාපදිංචි විය හැකි බවත් මේ සම්බන්ධ වැඩිමනත් තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරීන්ගෙන් ලබාගත හැකි බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් අංශය විසින් සංවිධානය කරන මෙම විශේෂ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති වැඩසටහනක දී අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT