Local

ජනාධිපතිවරණයේ යලි ඡන්ද විමසීමක්..?

Friday, 20 September 2024 - 9:26 am

ජනාධිපතිවරණය ඡන්ද විමසිම අතරතුර කිසියම් ඡන්ද පොලක කඩාකප්පල්කාරී කටයුත්තක් සිදුවුවහොත් එහි ඡන්දය ශුන්‍ය කිරීමට සිදුවන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

එම ශුන්‍ය කිරීම සමස්ත මැතිවරණ ප්‍රතිඵලයට බලපෑමක් ඇතිවුවහොත් නැවත එම කොටසේ ඡන්ද විමසීමක් පවත්වන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය.

එසේ වුවහොත් එය අවසන් වන තෙක් සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමේ හැකියාවක් නැතැයි ද හෙතෙම කියා සිටී.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මතා මෙසේ කියා සිටියේය.

“ඡන්දපොළක යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවුණොත් ඒ ඡන්දපොළෙහි ඡන්ද ස්ථානාධිපතිවරයාගේ වාර්තාව අනුව එහි ඡන්දය ශූන්‍ය කිරීමට අවශ්‍ය වුවහොත් ඒක ශූන්‍ය කරන්න මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරනවා. එම ශූන්‍ය කිරීම සමස්ත ඡන්ද ප්‍රතිඵලයට බලපානාවා නම්, නැවත ඡන්ද විමසීමක් පවත්වලා ඒ ඡන්දපොළවත්වල ඡන්දය පවත්වා අවසන්වන තුරු සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

ඒ නිසා ඡන්දපොළවල් අතර ගැවසීමෙන්, ප්‍රචණ්ඩ ක්‍රියාවල නිතරවීමෙන්, ඡන්ද විමසීම කඩාකප්පල් කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිනවා. නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස සියලුම ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා. සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිසිය හා විශේෂ කාර්ය බළකාය යොදවා ඇති අතර, ඕනෑම හදිසි අවස්ථාවකදී කැඳවීම සඳහා ත්‍රිවිද හමුදාව සූදානමින් තබා තිබෙනවා.”


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT