Local

හොරාගේ අම්ම­ගෙන් පේන අහන්නේ නැතිව බහ­ලුම් ගැන සත්‍ය තොර­තුරු අනා­ව­ර­ණය කරන්න

Tuesday, 10 June 2025 - 8:47 am

හොරාගේ අම්ම­ගෙන් පේන අහන්නේ නැතිව පරීක්ෂා නොකර නිද­හස් කළ බහ­ලුම් ගැන සත්‍ය තොර­තුරු අනා­ව­ර­ණය කරන්න යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පැව­සීය.

ඒ මහතා තව­දු­ර­ටත් ඊයේ (09) මෙසේද පැව­සීය.

පසු­ගිය ජන­වාරි මාසයේ රේගුව රතු අව­දා­නම් සහිත බහ­ලුම් 323ක් කිසිදු පරී­ක්ෂා­ව­කින් තොරව නිද­හස් කිරිම ගැන බර­ප­තළ ආන්දෝ­ල­නා­ත්මක තත්ත්ව­යක් ඇතිව තිබෙ­නවා. මෙම චෝද­නාව මුලින්ම ගෙන ආවේ දේශ­පා­ල­න­ඥ­යන් නොව රේගු වෘත්තීය සමිති සන්ධා­න­යයි. රේගු මාණ්ඩ­ලික නිල­ධා­රීන්ගේ සංග­මය ජ්‍යෙෂ්ඨ රේගු අධි­කා­රී­ව­රු­වන් ඇතුළු රේගුව නියෝ­ජ­නය කරන බහු­තර කණ්ඩා­යම් මෙම චෝද­නාව ඉදි­රි­පත් කළා. කඩි­මු­ඩියේ දින කිහි­ප­යක් තුළ අධි අව­දා­නම් බහ­ලුම් නිද­හස් කළා. එහිදී නිසි ක්‍රම­වේ­දය අනු­ග­ම­නය කර නැහැ.

මෙම බහ­ලුම් නිද­හස් කිරීම තුළ රටට ලැබිය යුතු ආද­යම් අහිමි වීම, තහ­නම් භාණ්ඩ මුදා හැරීම මෙන්ම කෘත්‍රිම ගැට­ලු­වක් ඇතිව තිබෙ­නවා. මීට පෙර දණ්ඩ­න­යට ලක්වූ කණ්ඩා­ය­ම්වල බහ­ලුම් ද ඇති බවත් මේ ගැන ආණ්ඩුවේ ප්‍රති­චාර නැහැ. කමිටු පත්කර පර්යේ­ෂණ කර­නවා කිවු­වත් තව­මත් කිසි­වක් සිදු වුණේ නැහැ. මෙම පරී­ක්ෂ­ණයේ විනි­වි­ද­භා­වය ගැන ගැටලු ඇති. මේ ගැට­ලුව ගැන ආණ්ඩුවේ වග­වීම සහ වග­කීම සිදු කළ යුතු වුවත් ජනා­ධි­ප­ති­ව­රයා සහ ආණ්ඩුව වග­කී­මෙන් හා වග­වී­මෙන් තොරව කට­යුතු කර තිබෙ­නවා.

මේ බහ­ලු­ම්ව­ලට සම්බන්ධ ව්‍යාපා­රි­ක­යන් දුන් තොර­තුරු ගැන විශ්වා­සයි. රේගු­වෙන් 60%ක් පමණ පරීක්ෂා නොක­රන බව පව­ස­නවා. මේ බහ­ලුම් නිෂ්කා­ශ­නයේ බර­ප­තළ ගැටලු රැසක් තිබෙ­නවා. මෙය හොර­කම නැති කරන්න නොව හොර­කම බිහි­ක­ර­නවා.

බහ­ලුම් පරීක්ෂා කරන උප­ක­ර­ණ­ව­ලට කෝටි ගණන් විය­දම් කර අද 60%ක් බහ­ලුම් පරීක්ෂා නොක­රන බවත් මේ බහ­ලු­ම්වල අන්ත­රා­දා­යක දේවල් නොමැති බවට පරීක්ෂා නොකර කියන්නේ කෙසේද කියා ගැට­ලු­වක් තිබෙ­නවා. මෙය දැඩි කතා­බ­හට ලක්ව තිබෙ­නවා. සම­හරු කියන ආකා­ර­යට මෙහි යුද ආම්පන්න හා මත්ද්‍රව්‍ය ඇති බවත් පැව­සෙ­නවා. මෙවැනි තත්ත්ව­යක් තුළ පැහැ­දි­ලි­වම ජාතික ආර­ක්ෂා­වට බර­ප­තළ ගැට­ලු­වක් ඇතිව තිබෙ­නවා.

 

රක්ෂණ ශ්‍රියන්ත


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT