Local

රන්මල් කොඩිතුවක්කු ගැන විමර්ශනයක්

Friday, 09 August 2024 - 8:45 am

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් පිළිබඳව විමර්ශනයක් පවත්වා අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) නීතිපතිවරයාට නියෝග කළේය.

ඒ, කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ව්‍යාපාරිකයෙකු අත්අනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන නිරුවත් කොට ලිංගික හිරිහැරවලට භාජනය කර අමානුෂික ආකාරයෙන් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙනි.  

ඒ අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිත්තුවක්කු ඇතුළු වගඋත්තරකරුවන්ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කරන ලෙසත් ජාතික පොලිස් කොමිසමට ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇත.

ඊට අමතරව මෙම සිද්ධියට අදාළ අපරාධ විමර්ශනය තම පෞද්ගලික අධීක්ෂණය යටතේ සිදු කිරීමට පියවර ගත යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

රාජගිරිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන මිශාර රණසිංහ මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග නිකුත් කෙරුණි.

මෙරට සිටින ජ්‍යේෂ්ඨතම නියෝජ්‍ය පොලිස්පතිවරුන් 08දෙනා අතුරින් එක් අයෙකු වන රන්මල් කොඩිතුවක්කු මහතා මේ ආකාරයෙන් උසස් පොලිස් නිලධාරියෙකුට නොගැලපෙන අයුරින් අමානුෂික ආකාරයෙන් කටයුතු  කළේ කෙසේදැයි ප්‍රශ්න කළ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ජ්‍යේෂ්ඨතම පොලිස් නිලධාරියෙකු මේ ආකාරයෙන් කටයුතු කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් විවෘත අධිකරණයේදී සඳහන් කළේය.

මෙම පෙත්සමට අදාළ විරෝධතා සති 08ක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය ලබන වසරේ මාර්තු මස 04 වනදා සිදු කරන බවත් නියෝග කළේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT