Local

මේ වසරේ පුනර්ජනනීය බලශක්තියට

Tuesday, 23 January 2024 - 5:27 am

වැඩි ප්‍රමුඛතාවක් – අගමැති දිනේෂ් ගුණවර්ධන

පළාත් පාලන ආයතන සඳහා ණය ලබා දීමේදී පුනර්ජනනීය බලශක්තිය සඳහා 2024 වසරේ ඉහළම ප්‍රමුඛතාව ලබා දෙන්නැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

දේශීය ණය අරමුදල් මණ්ඩලයේ 2024 වසර සඳහා වන ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් අගමැතිවරයා මෙම උපදෙස් ලබාදුන්නේය.

එම ආයතනවල පුනරාවර්තන වියදම් අවම කළ හැකි පරිදි පුනර්ජනනීය බල ශක්තිය සඳහා ඉහළ ප්‍රමුඛතාවක් ලබා දෙන ලෙස අගමැතිවරයා දැනුම් දුන්නේය.

හදා අවසන් කළ නොහැකි ගොඩනැඟිලි මෙන්ම මහජන පරිහරණයට නිසි පරිදි භාවිත කළ නොහැකි ගොඩනැඟිලි සඳහා තවදුරටත් ණය මුදල් ලබා දීමෙන් වළකින්නැයිද අගමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සූර්ය බලශක්තිය ප්‍රශස්ථ ලෙස භාවිත කිරීමේ රජයේ වැඩපිළිවෙළට ඉහළ ප්‍රමුඛතාව ලබා දිය යුතු බවත් ග්‍රාමීය තරුණ ප්‍රජාවගේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා පුස්තකාල හා තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන ඇති කිරීම සඳහා වන හැකියාවන් සොයා ගනිමින් ණය මුදල් ලබා දීමට කටයුතු කළ යුතු බවත් අගමැතිවරයා පැවැසීය.

2024 වසර තුළ රුපියල් මිලියන 1115 මේ සඳහා වෙන් කරගෙන ඇති අතර එමඟින් පළාත් පාලන ආයතන 50ක මේ සම්බන්ධ ප්‍රධාන යෝජනා ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කර ඇති බව ද මෙහිදී අනාවරණය විය.

1916 අංක 22 දරන දේශීය ණය සංවර්ධන අරමුදල් පනත කාලානුරූපව සංශෝධනය කිරීම සඳහා ද කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අගමැතිවරයා මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙම අරමුදල මඟින් ණය දෙනු ලබන්නේ වාණිජ බැංකුවල පවතින පොලී අනුපාතයට වඩා අඩුවෙන් වීම නිසා පළාත් පාලන ආයතනය මෙම ආයතනය හරහා ණය ලබා ගැනීමේදී ඉහළ උනන්දුවක් දක්වන බව ද එම සාකච්ඡාවේදී අනාවරණය විය.

මේ අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න, දේශීය ණය අරමුදල් මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී කේ.ඩී. චිත්‍රපාල මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT