Local

කොළඹ ලැගුම්හලකදී කාන්තාවක් ඝාතනය කර ගමන් මල්ලක දමාගෙන ආ පුද්ගලයාට මරණ දඬුවම

Thursday, 24 April 2025 - 9:10 pm

2015 වසරේ කොළඹ හෙට්ටි වීදියේ පිහිටි ලැගුම්හලකදී කාන්තාවක් ඝාතනය කර, ගමන් මල්ලක දමාගෙන විත්, කොළඹ බැස්ටියන් පාරේ පිහිටි බස් නැවතුම්පොලේ දමා යෑමේ සිද්ධියට සම්බන්ධ චෝදනාවලට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව, කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් විත්තිකරු අදාළ චෝදනාවලට වරදකරු කරන බව සඳහන් කර තිබෙනවා.

දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ විත්තිකරු කියා සිටියේ තමන් මෙම චෝදනාවලට නිවැරදිකරු බවයි. 

කෙසේ වෙතත් විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බැවින්, ඔහු එම චෝදනාවලට වරදකරු කරන බවත්, ඒ අනුව ඔහුට මරණීය දණ්ඩනය නියම කරන බවත්, විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

2015 වසරේ ජූලි මස 29 වැනිදා කොළඹ හෙට්ටි වීදියේ පිහිටි ලැගුම්හලකදී, ‘ධර්මරාජා කාර්තිකා’ නමැති කාන්තාවක් ඝාතනය කර, ඇයගේ මෘත ශරීරය ගමන් මල්ලක බහා කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි බස් නැවතුම්පොලේ දමා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ‘පැට්‍රික් ක්‍රිෂ්ණරාජා’ නමැති විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබුණා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT