Local

පෞද්ගලික වාහන ගෙන්වීමේ බලාපොරොත්තු 2025 වසරට ඇදෙයි

Tuesday, 30 July 2024 - 9:46 am

පෞද්ගලික රථ වාහන ආනයනය පිළිබඳ සලකා බැලිය හැක්කේ 2025 වසරේ මුල් කාර්තුවේ දී බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

ඔක්තෝබර් මාසය වන විට පොදු ප්‍රවාහනයට සහ වාණිජ කටයුතු සඳහා වන රථ වාහන ආරම්භ කිරීමට හැකි වනු ඇති බව ද රාජ්‍ය ඇමැතිවරයා පවසයි. රථ වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීමට අදාළ වාර්තාව අගෝස්තු මාසයේ දී එළිදැක්වීමට මූදල් අමාත්‍යාංශය කටයුතු කරන අතර එමගින් ඉදිරි මාර්ග සැලසුම අනාවරණය වනු ඇති බව හෙතෙම පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව ගෙවුම් ශේෂ පරතරය සහ විදේශ සංචිත වෙත බලපෑමක් ඇති නොවන පරිදි අදාළ ආනයන කටයුතු යළි ආරම්භ කිරීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT