Local

වැඩිම ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වෙයි

Monday, 09 June 2025 - 5:48 pm

පවතින වැසි තත්ත්වයත් සමග පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගී තත්ත්වයන් පැතිර යාම වැඩි වශයෙන් බස්නාහිර පළාත තුළින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා පිළිබඳ විශේෂඥ වෛද්‍ය අතුළ ලියනපතිරණ පවසනවා.

ඒ අනුව බස්නාහිර පළාත තුළ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙක තුළ මෙම රෝග වැඩි වශයෙන් පැතිරෙන බවයි විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ.

චිකුන්ගුන්යා සහ ඩෙංගු රෝගයේ මුල් අවස්ථාවේදී රෝග ලක්ෂණ බොහෝ දුරට සමාන විට හැකි බවත්, ඒ අනුව උණ, හිසරදය, ඇඟපත වේදනාව සහ වමනය ඇතිවිය හැකි බවත් ඔහු පවසා සිටියා.

මේ හේතුවෙන් දින දෙකකට වැඩි කාලයක් අදාළ රෝග ලක්ෂණ පවතින්නේ නම්, හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු හමුවී අදාළ ප්‍රතිකාර ලබා ගත යුතු බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.

චිකුන්ගුන්යා රෝගය වැළඳීමෙන් පසු ඇතැම් රෝගීන්ට දීර්ඝ කාලීනව පවතින හන්දි වේදනාව වැනි රෝග ලක්ෂණ ඇති විය හැකි බවද, ඒ සඳහා ද නිසි ප්‍රතිකාර කළ යුතු බැවින් වෛද්‍ය උපදෙස් ලබා ගනිමින් කටයුතු කරන ලෙසට විශේෂඥ වෛද්‍ය අතුළ ලියනපතිරණ ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

 
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT